IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


‘‘ආණ්ඩුවට අය වැයෙන් අපේක්ෂිත ආදායම නෑ‘‘

(යොහාන් භාසුර)

ආණ්ඩුව මෙම වසරේ (2024) අයවැයෙන් අපේක්‍ෂිත ආදායම සියයට 14 කින් අඩු වන බවත් ඒ අනුව අයවැයෙන් ඉලක්ක ආදායම අඛණ්ඩව අහිමිවන 33 වැනි වසර මෙය බවත් ‘ද ස්ටේට් ඔෆ් ද බජට් රිපෝට් 2024’ වාර්තාවෙන් හෙළි වූ බව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය පවසයි.

ආණ්ඩුව 2024 අයවැයෙන් රුපියල් බිලියන 4.164 ක ආදායමක් අපේක්‍ෂා කළ ද ලැබිය හැක්කේ රුපියල් බිලියන 3,570 ක ආදායමක් පමණක් බව කියන ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය එම හිඟයෙන් සියයට 61 ක් ‘වැට්’ බදු අධිතක්සේරුව නිසාත් ඉතිරි සියයට 39 සමාගම් සහ පෞද්ගලික ආදායම් බදු, සමාජ ආරක්‍ෂක බද්ද සහ රේගු ආනයන බද්ද අධිතක්සේරුව නිසා නිර්මාණය වී ඇති යැයි හදුනාගත් බවත් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩු 1991 වසරේ සිට ඉදිරිපත් කළ ආදායම් ඉලක්ක පසුරාගැනීමට නොහැකි වී ඇති බවත් පසුගිය වසරේ (2023) අයවැයෙන් අපේක්‍ෂා කළ ආදායම් ඉලක්කය ද සියයට 13 කින් අඩු වූ බව ද පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව හෙළි කළ බවත් ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය සඳහන් කරයි.

‘ද ස්ටේට් ඔෆ් ද බජට්’ වාර්තාව ‘වෙරිටේ රිසර්ච්’ ආයතනය වාර්ෂිකව නිකුත් කරන වාර්තාවක් වන අතර එම වාර්තාව ඡමඉකසජත්‍සබ්බජැගකන වෙබ් අඩවිය ඔස්සේ ආර්ථිකය සම්බන්ධ විශ්ලේෂණාත්මක වාර්තාවක් ලෙස ඉදිරිපත් කරයි.

 



අදහස් (3)

‘‘ආණ්ඩුවට අය වැයෙන් අපේක්ෂිත ආදායම නෑ‘‘

චිරන්ත Sunday, 21 April 2024 08:10 PM

එහෙනම් ඉතින් අයවැය පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි ගණනින් සම්මත කරන්න පුළුවන් වුණත් සත්‍ය තත්වය අයවැය පරාජයට පත්වීම කියලා කියන්න පුළුවන් කමක් නැද්ද එහෙම පුළුවන් නම් මොකක්ද කරන්න පුළුවන් කියලා කල්පනාවට ගන්න

:       0       0

Muthu Sunday, 21 April 2024 09:17 PM

ආර්ථික දේශපාලන රිසච් ගැන විශ්වාස කරන්න පුළුවන් එකම ආයතනය තමයි වෙරිටේ එක. ආර්ථික දත්ත විශ්ලේෂණය අතින් ඉතාම ඉහළයි. දේශපාලනිකව කාටවත් ගති නෑ. අපේ උගත්තු හුඟක් මේ දත්ත කොපි කරනවා.

:       2       0

ravin Monday, 22 April 2024 06:08 AM

රටේ ආර්ථිකය ශක්තිමත් නිසා නේද අර කට්ටියක් වාහන පර්මිට් ඉල්ලලා දඟලනවා කියන්නේ..?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙට වැඩ වරදීද?
2024 මැයි මස 08 768 2

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 704 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ


ඩයනාගේ මන්ත්‍රී පුටුව මුජිබර්ට
2024 මැයි මස 08 1823 7

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්


හොර පාරෙන් රට පනින අයට විදේශ ඇමතිගෙන් අවවාදයක්
2024 මැයි මස 08 714 2

හොර පාරෙන් විදේශයන්හි රැකියාවන්ට ගොස් අමාරුවේ වැටුන විට ඔවුන් බේරා ගැනීමට රජයක් හැටියට කළ හැකි දේ සීමිත යැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි


ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
2024 මැයි මස 08 1602 1

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍


හරි පාසලක් නැති නිසා රත්නපුර සිසුන්ට හැටන් යන්න වෙලා
2024 මැයි මස 08 334 1

දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ කරන සිසුන් සඳහා රත්නපුර ප්‍රදේශයේ සුදුසුකම් සහිත පාසලක් නොමැති වීමෙන් සිසුන්ට හැටන් ප්‍රදේශයේ පාසල්වලට යාමට සිදුවී ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 550 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2020 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1780 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site