(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්‍ෂයේ හිටපු සභාපතිවරයා පක්‍ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්‍ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්‍ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි අසාධාරණයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (22) පැවැසීය.
කොළඹදී අද (22) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා එසෙස් පැවසීය.
මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්‍ෂයේ විධායක සභාවට සම්බන්ධවීමට කිසිඳු හැකියාව නොමැත වීම නිසා ඔහු අධිකරණයට අපහාසයක් කර ඇති බවත් වැඩබලන ලේකම්වරයා ද අධිකරණයට අපහසකර ඇති නිසා ඉදිරියේදී ඒ පිළිබඳව අධිකරණ ක්‍රියාවලියකට යොමු වන බවත් අමරවීර මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්දේසි නොකර වෙන මොනවා කරන්නද?
රටට ඇති ආදරය වෙනුවෙන් 2005 ඉඳන් බලයට ආ හැම අණ්ඩුවකින්ම ඇමැතිකම් ගත්ත මුන්දැලාගේ කියුම්...!
වෙන්දෙසි කරන්න තරම් ඔකෙ කිසි වටිනාකමක් නැහැ. ඔය කාට හරි ප්ලාස්ටික් බෙසමකට වගෙ දීගන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. ඔකෙන් දාන තරමක් එළියට දැම්මෙ රට කාබාසිනියා කරන උන් තමා. නල්ල මලෙ පක්සෙ!
ඔහේලා ඔක්කොම එකතු වෙලා මුලු රටම වෙන්දේසි කරනවා.
හරි ඇති.ඒ වගේම මුන් ටික එහෙම කරද්දි ඔහේල එකතුවෙලා ශ්‍රීලනිප එක ආණ්ඩුවට උකස් තියල.උබල ඔක්කොම ලබන ඡන්දෙන් ගෙදරටම යන බව ජනතාව තීන්දු කරයි
ඇත්තටම ඔහෙලාගේ පක්ෂය මොකක්ද? හැමදාම ඇමැති කට්ටක් අරන් ඉන්නේ...