බාල පළිබෝධනාශක වික්කොත් බලපත් අහෝසියි තත්ත්වයෙන් බාල පළිබෝධ නාශක සපයන සමාගම් වල බලපත් අහෝසි කර එම සමාගම් අසාදු ලේඛන ගත කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 September 2023
න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කරනවා විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා නිව්යෝර්ක් හිදී පැවසීය. 22 September 2023
සිසුවියට අතවරයක් කළ අයි පී ගේ වැඩ තහනම් පෞද්ගලික බස් රථයක් රථයක ගමන් ගත් 18 හැවිරිදි පාසැල් සිසුවියකටලිංගික අතවරයක් සිදු කළේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් කිතුල්ගල පොලීසියේ පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බවප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 22 September 2023
අවේලාවේ ලෙඩා බලන්න නොදුන්නැයි දොස්තරට ගහලා වත්තේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීයකු අවේලාවේ බැලීමට අවසර නුදුන් නොදුන්නැයි වෛද්‍යවරයාට පහරදී ඇතැයි වත්තේගම පොලිසිය පවසයි. 22 September 2023
ජනපති ජගත් මහලේකම් හමු වෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා (António Guterres) අතර නිල හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී අද (22)සිදු විය. 22 September 2023
තැනින් තැනට අදත් තද වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 September 2023
‘‘ සියලු දෙනාගේම සහයෙන් තිරසාර වර්ධනයක් කරා රට මෙහෙයවනවා‘‘ ශ්‍රී ලාංකිකයන්ගේ සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සහයෝගය ඇතිව තිරසාර වර්ධනයක් කරා ශ්‍රී ලංකාව මෙහෙයවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරය අමතමින් ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී අද (21) ප්‍රතිඥා ලබා දුන්නේ ය. 21 September 2023
මෙරට ඉදන් ලැප්ටොප් ඉන්දියාවට පැන්නූ ඉන්දියානුවෙක් දැලේ තීරුබදු නොගෙවා ඩුබායි සිට නීති විරෝධි එලෙස මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 100 ට අධික ප්‍රමාණයක් වේල්ලවීදිය නවාතැන් පොළක තබාගෙන මෙරටට පැමිණෙන ඉන්දියානු ව්‍යාපාරිකයන් අතර හොර රහසේ ඉන්දියාවට යැවීමේ ජාවාරමක නිරත වූ ඉන්දීය ජාතිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව වේල්ලවීදිය පොලිසිය පවසයි. 21 September 2023
රනිල් - බයිඩ්න් අතර හමුවක් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය. 21 September 2023
බදුල්ලේ පාරවල්වලට පස් කඳු කඩා වැටේ පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර මඩොල්සිම මාර්ගයේ 1 කණුව සොහොන හංදිය අසලදී අද (21) පස්වරුවේ පස්කන්දක් සමඟ ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි . 21 September 2023
පෙම් හුටපටයකට සිසුන් දෙනෙකුට හෙල්මට්වලින් ගහලා ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් පාසල් ළමුන් දෙදෙනෙකුට හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදුන් බව කියන තරුණයන් සිව්දෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව පින්වත්ත පොලිසිය පවසයි. 21 September 2023
සැක ඉන්හේලර් පාසල් සිසුන්ගේ බෑග්වලින් සොයාගෙන කිසියම් සැක ද්‍රව්‍ය සහිත ඉන්හේලර් කීපයක් පාසල් බෑග් කීපයක තිබි සොයාගත් බව ගොකරැල්ල පොලිසිය කියයි. 21 September 2023
උද්ධමනය 62.1%කින් අඩු වෙලා වසරක් ඇතුලත උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 21 September 2023
‘පාස්කු ප්‍රහාර‘ ඉදිරියටත් වෙන්න පුළුවන් පාස්කු ඉරිදා වැනි ප්‍රහාර ඉදිරියටත් මේ රටේ සිදු විය හැකි බව වැඩබලන ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 September 2023
කළුබෝවිලදී තිදෙනකුට කඩු පොලුවලින් පහරදීලා කඩු පොලු සහ තියුණු ආයුධ රැගෙන පැමිණි විශාල පිරිසක් කළුබෝවිල සරණංකාර පාරේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට සිටි පිරිසකට පෙරේදා (20) රාත්‍රී සිදුකළ පහරදීමකින් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කොහුවල පොලීසිය සඳහන් කරයි 21 September 2023
කුකුළු මස් 1,150 ට බසී කුකුළු මස් කිලෝවක මිල 100 කින් අඩු කිරීමට කුකුළු මස් නිෂ්පාදකයන් එකඟ වූ බව වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (21) පැවසීය. 21 September 2023
ප්‍රතික්ෂේප කළ අක්ෂි කාච ගන්න තීරණය කරලා නිසි ආකාරයට ලංසු ඉදිරිපත් කර නොමැති බව පවසමින් අවලංගු කළ අක්ෂිකාච සැපයීමට ඉදිරිපත් වූ සමාගම්වලින් අක්ෂිකාච මිලදීගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සභාපති රවී කුමුදේෂ් මහතා චෝදනා කරති. 21 September 2023
මහ මොළකරු හෙව්වොත් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වෙනවා පාර්ලිමේන්තුවේ විවාද කොට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හොයා ගත්තොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 September 2023
පළාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගුයි පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී අනුමැතිය හිමිවිය. 21 September 2023
මල්ලී මැරුවාට අයියා එල්ලුම්ගහට පවුල් ප්‍රශ්නයක් හේතූවෙන් එකකුස උපන් මල්ලීමට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරු වු අයියා කෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (21) මරණ දඬුවම් නියම කළේය. 21 September 2023
මාතර රාහුල සිසුන් අඩු වියදමකින් මනාප සටහන් කළ හැකි ක්‍රමයක් හදලා අඩු විදමකින් ඕනෑම මැතිවරණය දී මාර්ගගත ක්‍රමයට මනාප සටහන් කිරීමේ හැකියාව ඇති තොරතුරු පද්ධතියක් මාතර රාහුල විද්‍යාලයීය වෙබ් කණ්ඩායම හඳුණ්වා දුන්හ. 21 September 2023
කෝටි 13ක කේරළ ගංජා මීගමුවෙන් අල්ලයි රුපියල් කෝටි 13 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් මීගමුව මංකුලිය කළපුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදා පැවසීය. 21 September 2023
මැලේසියා රජුගෙන් ශ්‍රී ලංකා ජනපතිට ආරාධනයක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා මැලේසියා සමාගම් උනන්දු කරවන බව මැලේසියා අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ නිව්යෝක් නුවර දී පැවසීය. 21 September 2023
අමන්ගල්ල හෝටලයට ලෝකයෙන්ම ලොකු තැනක් මෙම වසරේ ලෝකයේ හොඳම හෝටල් 50 අතරින් 38 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමන්ගල්ල හෝටලය සමත් වී ඇත.අමන්ගල්ල හෝටලය ගාල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයකි. 21 September 2023
පරිගණක ක්‍රීඩාවට වියදම් කළ මුදල් දෙන්න පොරොන්දු වෙයි සුප්‍රසිද්ධ වීඩියෝ ක්‍රීඩාවක් වන ෆෝර්ට් නයිට් සෙල්ලම් කළ දරුවන් එම ක්‍රීඩාව තුළ අවසරයකින් තොරව වියදම් කළ මුදල ඔවුන්ගේ දෙමාපියන්ට නැවත ලබා ගැනීමට අවස්ථාවක් ඇමෙරිකානු එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කමිටුව ලබා දී ඇත. 21 September 2023
ජපානයේ බුලට් දුම්රියක රෙස්ලින්ග් තරඟයක් ජපානයේ අධිවේගී බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් තරඟයක් පවත්වා ඇත.එම දුම්රිය ටෝකියෝ සිට නගෝයා දක්වා ධාවනය වන අතරතුර මෙම තරඟය පැවැත්වීම විශේෂත්වයකි. 21 September 2023
විහිළුව දුරදිග ගිහින් බොතල් කටුවකින් ඇනලා පානදුර ජනප්‍රිය පාසලක සිසුවෙක් බෝතල් කටුවකින් එම විදුහලේම සිසුවෙකුගේ පාදයකට පහරදී කැපුම් තුවාල සිදුකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව පානදුර දකුණ පොලිසිය පවසයි . 21 September 2023
ඉල්ලූවේ වතුර ලැබුණේ මත්වතුර වාරියපොල මිනුවන්ගැටේ 20 හංදිය ප්‍රදේශයේ අලුතින් ආරම්භ කිරීමට යන රටබීම හලකට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීහු පිරිසක් අද (21) දහවල් නිහඩ විරෝධතාවයක නිරත වූහ. 21 September 2023
ලක්ෂ 50 කට ගජමුතු විකුණන්න බැරිවෙයි දුර්ලභ වර්ගයේ ගජමුතු දෙකක් රුපියල් ලක්ෂ 50 කට අලෙවි කිරීමට රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි. 21 September 2023
මෛත්‍රී - ෆොන්සේකා පැටළෙති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (21)පස්වරුවේ ඇතිවිය. 21 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026