(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
බිල්ලන් මවා බලයට පැමිණ ගෝඨා මුලින්ම කළේ සිංහල බෞද්ධයන්ගේ බඩට ගැසීම බවද කබීර් හෂීම් මහතා කීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් කබීර් හෂීම් මහතා මේ බව කීය.
විවාද පවත්වමින් සට වැඩක් නැතැයි කී මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අයට දඬුවම් දිය යුතුව ඇතැයි සඳහන් කළේය.
පළමුවෙන්ම ගෝඨාභය ඉතිහාසය ගැන ඉගෙන ගත යුතු යැයි ද මුස්ලිම් වරුන් සිංහල රජවරුන්ගේ කාලයේ සිටම පාලකයන් කිසිවෙකුත් පාවාදී නැතැයි ද කබීර් හෂීම් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුරු යායවල් අස්වද්දා සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා, ගොයමේ වල් පැළ පැලවෙනවාද වැනි කතා කියනා කෙනෙකු කෙසේ පොත් ලියන්නද? කාටහරි කියා ලියවා ගන්න ඇති...
පව් සේදෙයි අළුත් ආණ්ඩුවක් ආවාම… රටින් පැනගන්න බැරිවුණා නම්...!
ඔයගොල්ලොන්ගේ ගවපාලනයේ පවු වලට ඒ මනුස්සයා කරගැහැව්වා එච්චරයි
දූෂිත පවුල් පාලනේ උන් බලලෝබියෝ.සුදු වෑන්` ගාතන අතුරුදහන් මිනිමෝරු කැළෑ නීතිය රජ කරවපු ,පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්න උන් පොත පෙරලුවට වැඩක් වෙන එකක් නැහැ .