(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතානගේ මහතා අද (24)නිකුත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු හා සංස්කෘතික සංවිධායක ලෙස කටයුතු කළ මුන්ටිගූ සරච්චන්ත්‍ර මහතා මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්ෂයේ සිව් දෙනෙකුට එරෙහිව පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම අතුරු තහනම නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන තෙත් ක්‍රියාත්මක වේ.
සර්චන්ද්‍ර මහතා 2022 වසරේදී මෙම නඩුව පවරා ඇති අතර මහතා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සාන්ත ජයවර්ධන මහතා අධිකරණයට පවසා සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතා 2019 හා 2021 වසරේදී සභාපති ධුරයට පත්වීම නීති විරෝධී බවය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ ව්‍යවස්ථාවේ දොළොස් වැනි වගන්තිය අනුව හිටපු ජනාධිපතිවරයෙකුට පක්ෂයේ සභාපති ධුරය ඉසිලිය නොහැකි බවද,ඔවුන් අනුශාසකයින් ලෙස කටයුතු කළ යුතු බවද කරුණු දැක්වීය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා අතුරු තහනම් නියෝගය නිකුත් කළ අතර විත්තිය විරෝධතා ජුනි මස 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය. සිරිසේන මහතා වෙනුවෙන් නීතිඥ ජයමුදිතා ජයසූරිය මහත්මිය මේ සමග නීතිඥ සම්පත් පෙරේරා මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල තන්හාව හා තමන් පක්ෂයේ ව්‍යවස්ථාවට විතරක් නොවෙයි... රටේ නීතියටත් උඩින් ඉන්නේ කියලා හිතාගෙන ඉන්න තක්කඩි රැලෙන් එකක් තමයි මෙයත්, එහෙව් අයට තමන් රටේ නීතියට විතරක් නොවෙයි, පක්ෂ ව්‍යවස්ථාවටත් යටත් බව මතක් දෙන එක කවුරු කෙරුවත් හොඳ වැඩක්.
මේ මනුස්සයාට නම් ලැජ්ජාවක් කියන එක ගෑවිලාවත් නැහැ. 2015 තමන්ගේ පක්ෂ පාවා දුන්නා. පස්සේ දිනවපු අය පාවා දුන්නා බලේට තියෙන කෑදරකමට තව එල්ලිලා ඉන්නවා.
මෙයාට නියම කරපු දඩ මුදල ගෙවන්නේ නැතිනම් හිරේ යවන්න තියෙන්නේ...!
දැන දැනම පාස්කු බෝම්බ ප්‍රහාරය වීමට ඉඩ හැරියාට හෙන ගහනවා! කෝ.. දැන් රාජපක්ෂලා කෙලෙහිගුණ සලකනවාද..?