
(අංජුල මහික වීරරත්න)
වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
වතුකම්කරුවන්ගේ වෘත්තිය සමිති මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමය සමග සාකච්ඡා කර යම් නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරමින් රුපියල් 1700ක අවම වැටුපක් ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කළත් තවමත් වතු වෘත්තීය සමිති සහ හාම්පුතුන් අතර සාකච්ඡා සාර්ථක වී නැතැයි කීය.
කෙසේ වෙතත් වතු කම්කරුවන්ගේ වැටුප් ඉදිරියේදී ඉහල දමන බව නිශ්චිත වශයෙන්ම කිව හැකියැයි ද රත්නප්‍රිය මහතා පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නේ නැහැ හදිසියේ මෙහෙම දෙයක් කරන්න හිතුවේ? තමුන් කවුද, කියන එකත් අපි නොදන්නවා නෙවෙයි.
ඕවාට අහුවෙන්න එපා.. 1700 කවදාවත් දෙන්න කැමති වෙන්නේ නෑ හාමුපුතුන් මොකද දැන් තේ ආදයමත් අඩුවෙලා
උණුවතුර බෝතල් හොරුන් !!!
එළ මේ පාර පොරි හැලෙන්න දෙන්න යන්නේ... ඔක්කොම අරන් හරි දිශාවට කතිරේ ගහමු.