(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මයික වීරරත්න)
ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසන ලෙස අමාත්‍යාංශ ලේකම්වරියට දැනුම් දුන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිමය කරුණු සම්බන්ධයෙන් ඇයට එවැනි ලිපියක් ලිවීමට හැකියාවක් නැතැයිද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්‍යාපන පරිපාලන සේවය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවය අතර ඝට්ටනයේ ප්‍රතිඵල තමයි මේ. අධ්‍යාපන පරිපාලන සේවය අයගේ අමනෝඥ වැඩ නිසා එයාලා දැරිය යුතු තනතුරු සාමාන්‍ය පරිපාලන සේවය විසින් ආක්‍රමණය කරලා...!