
(ගයන් සූරියආරච්චි)
ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්වූහ.
කටුනායක ගුවන්තොටපොළ සිට පෑලියගොඩ පිවිසුම දක්වා අධිවේගී මාර්ගය පස්වරු 12.00 සිට පස්වරු 1.00 දක්වා එක් මංතීරුවක් පමණක් විවෘත කර තිබූ අතර අධිවේගී මාර්ගය භාවිත කරන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවිය.
එමෙන්ම ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, ඩී.එස් සේනානායක මාවත, හෝටන් පෙදෙස, ග්‍රීන්පාත්, ආනන්ද කුමාරස්වාමිමාවත, ලිබර්ටි වටරවුම, ගාලු පාර, ගාලු මුවදොර, ලෝටස් පාර ඇතුළු මාර්ග වසා දැමීම හේතුවෙන් රියැදුරන් විකල්ප මාර්ග භාවිත කිරීම හේතුවෙන් සවස් වනතුරු විශාල වාහන තදබදයක් ද දක්නට ලැබිණි.
(ඡායා- නිමල කොඩිතුවක්කු )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දේම කොළඹට ගේන එකේ ඵලවිපාක...