(ප්‍රසාද් රුක්මල් )
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (24) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එක අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ඇන්ටනි එස්.පීටර් ෆෝල් මහතා නියම කළහ.
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගයට ඉදිරිපත් වී අංක 5 යටතේ තරග කල මාතර මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් උඩුව්ට (36) , මෙම තරගය සදහා අංක 196 යටතේ තරග කල මහනුවර පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි ඒ .එම්.ඩිලාන් සංජීව (47)යන තරගකරුවන් දෙදෙනාට මෙසේ ඇප නියම විය .
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයකින් ගේ සංගමය හා දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කර පාස්කු දින ප්‍රහාරයෙන් අනතුරුව වසර පහකට පසුව පසුගිය 21 වන දින යලි ආරම්භ කල ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදි පැවත්විණ.
එසේ මෝටර් රථ ධාවන තරග පැවත්වෙමින් තිබියදී තරගාවලියේ 18 වන ඉසව්ව ලෙස පැවති ෆෝඩ්/ ලේසර්මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සී.සී.මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී මෙම තරගකරුවන් දෙදෙනා පැදවූ මෝටර් රථ දෙක එකිනෙක ගැටි එක් මෝටර්රථය ක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩා වැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර සිදුවුනැයි පොලිසිය සදහන් කළේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතිකරණයකින් තොර මෙවන් යමලොවට සුදුසු රේස් එකක් සංවිධානය කිරීම ගැන හමුදාපති සෘජුව වගකිව යුතුයි. හමුදා පරීක්ෂණයක් පැවැත්වුවහොත් සාධාරණ විසඳුමක් සිදුවන්නේ නැත. රටේ පවතින නීතිය අනුව මේ මරණ වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගේන්න. අතුරු කමිටු අවශ්‍ය නැත. ගරු අධිකරණය ඉතුරු දේවල් බලාගනියි.
ක්‍රීඩාවක් යනු කුමක්ද නොදන්නා පොලීසිය සහ අ#@$නය. මෙහෙම ගියොත් ලංකාවේ ඇට බෝල ගහන්නත් බැරිවෙයි.