
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මදුරන්කුලිය මුක්කුතොඩුවාව ප්‍රදේශයෙ පවත්වාගෙන යනු ලබන රෝග සුව කරන බව පැවසෙන ස්ථානයකදී රෝගී තත්වයෙන් පසුවු කාන්තාවකට ජලය පානය කිරීමට දීමේන් පසු විජලනය හා දැඩි ශ්වසන ආබාධයකට ලක්වී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මුන්දලම විල්පොත පදිංචි කළුමරක්කලගේ රේණුකා ඉන්ද්‍රකාන්ති නැමති දෙදරු මවකි.
ඇය වසර 35 කට ආසන්න කාලයක් මැද පෙරදීග රටවල ගෘහ සේවිකාවක් ලෙස සේවය කරමින් සිට ඇති බවත් අවසන් වරට එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙ ඩුබායි නගරයෙ සේවය කරමින් සිට ඇති බව ඥාතින් පවසති.
එසේ සේවය කරමින් සිට සති කිපයකට පෙර මෙරටට පැමිණි මෙම කාන්තාව යම් මානසික අපහසුතාවයකින් සිටිම නිසා එය සුව කරගැනීමට එම ස්ථානයට ගොස් ඇතැයි ඥාතීහු කියති.
එහිදී ජල බෝතල් කිපයක් පානය කිරීමට දි ඇති අතර පසුව යම් රෝගී තත්වයකින් රෝහල්ගත කිරීමෙන් අනතුව ඇය මියගොස් ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙරම් ගාවට නොවෙයිද ගියේ?
ලංකාවේ මිනිස්සු තරම්, මිථ්‍යා මත විශ්වාස කරන මිනිස්සු, මේ ලෝකයේ වෙන කොහේවත්ම නැතුව ඇති...
අපේ කෂ්ටිය බටහිර ඉබ්බෝ දාලා වහලා පාලුවට ගිය දේව ස්ථාන ඇරගෙන ලෙඩ සුව කරනවා,රැකියා සොයලා දෙනවා,වැඩිම ප්‍රචාරය වර්ක් පර්මිට් ලබාදීමයි ආත්ම ශක්තිය නැති නූගත් මිනිස්සුන් දක්කනවා නියමෙට
යාඥා කිරීමෙන් ලෙඩ සුවකරන යෙහෝවාගේ සාක්ෂි කරුවන්. මෙයලා රෝහල් වලට ඇවිත් සනීප වෙන්න ලඟයි වගේ අයට පත්‍රිකා බෙදලා කියනවා "සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ නාමයෙන් අපිට ඔබව යාඥා කිරීමෙන් සුව කල හැකියි. අපේ පල්ලියට එන්න." කියලා. පස්සේ කියනවා "අපේ ආගම තමයි හරි ඒකට බැදෙන්න" කියලා. මේ මෑතකදි යාපනය රෝහලෙත් පත්‍රිකා බෙදුවා.
එක්සත් ජනපදයේ තරුණ කාන්තාවක්. තරඟයකදී විශාල ජල පරිමාවක් පානය කර මිය ගියේය. ඊට පස්සේ එහෙම තරග තහනම් කළා. ශ්‍රී ලංකාවේ අවාසනාවන්ත කාන්තාව අධික ලෙස ජලය පානය කිරීමට සැලැස්වූවා යැයි මම සිතමි.
වරින්වර රටේ මෙවැනි දේවල් වරින්වර අහන්න ලැබෙනවා. එහෙම වෙලාවට හදිසි මරණ පරීක්ෂක කෙනෙකුවත් මෙහෙම ආයතන ගැන තීරණයක් ගන්න කියලා නියම කරන්නෙ නැහැ. කොහොම වුනත් රජයේ අවධානයට මේ මිනීමැරුම් ගැන යොමුවේවා .එලෙස යොමු වී මේවා තුරන්කිරීමට හා ලංකාව තුල ක්‍රියාත්මක කිරීම තහනම් කලහැකි පනතක් සම්මත වේවා මෙහෙම දේවල් ගැන ටෙලිනාට්‍ය හා චිත්‍රපටි සකසා ජනතාව මිත්‍යාවෙන් මුදාගැනීමට කලාකරුවන්ට හැකිවේවා
අනේ මෙහෙම නුගත් මැටි මෝල් මිනිස්සු... විශ්වාසය පස්සේ ගිහින් අපරාදේ ජිවිතය නැති කරගන්නවා