(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24)පැවසීය.
දේශීය සහ විදේශීය විනිසුරුවන්ගෙන් මෙන්ම විමර්ශකයින්ගෙන් සමන්විත ව මෙම පරීක්ෂණ කොමිසම ස්ථාපිත කරන බවද විපක්ෂ නායකවරයා කීය.
එම පරීක්ෂණයට ශක්තියක් වීමට ස්ථීර විමර්ශන කාර්යාලයක් ස්ථාපිත කර කොමිසමෙන් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කරන බව කී විපක්ෂ නායකවරයා අදාල අපරාධ නඩු කටයුතු මෙහෙයවීම සඳහා විශේෂ අධිකරණයක් මෙන්ම අධි චෝදනා කාර්යාලයක් පිහිටුවන බව පැවසීය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කතාවෙන් පැහැදිලියි... මෙයාට ඕනෑ පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට දඬුවම් ලබා දෙන්න නොවෙයි, වැඩේ අල කරන්න කියලා, අලුතින් දේශිය හා විදේශිය විනිසුරුවන් සහිත කොමිසමක් දාන්නම අවුරුද්දක් එකහමාරක් ගතවෙයි. කොමිසමට පරික්ෂණ පවත්වලා වාර්තාව ලබාදෙන්න තව අවුරුදු දෙකක් විතරයයි. ඊට පස්සේ කොමිසමේ වාර්තාව විමර්ශණය කරන්න විමර්ශන කාර්යාලයට තවත් වසරක් විතර යයි. එතකොට ඊළඟ ඡන්දයට වෙලාව හරි, එහෙම කරලා ඊළඟ පාර ඡන්දය ඉල්ලයි... කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා...
පත්කළ කොමිසම්, තේරීම් කමිටු, හොඳටම ඇති පස් අවුරුද්දක් වැඩේ රබර් වගේ ඇදලා තේවා අවුරුදු පහක බලේ ගතහොත් ගුරාගෙන් ඉගෙන ගත විදියටම අදීන තම යටි අරමුණ පුතාණෝගේ කිසිම කතාවක් මහජනයා විශ්වාස කරන්නේ නැහැ...
ඕවා අහල අහලා ජනතාවට ඇතිවෙලා තියෙන්නේ...!
ලාංකීය පාරම්පරික කුණු වූ දේශපාලනයේ තවත් එක් චරිතයක් විතරයි මෙයා. මේ වෙනකම් මේ මනුෂ්‍යයා දීලා තියෙන පොරොන්දු මෙයාටම මතකද දන්නෑ. තාමත් වෙන්නේ එකම දේ. සිද්ද වුණු මේ මනුෂ්‍ය ඝාතන වෙන්දේසි කිරිම පමනයි. දැන් නම් මෙයාලාගෙයි, කාදිනල් තුමාගෙයි, සමස්ත දේශපාලුවන්ගෙයි වෙනසක් නෑ. වෙන්නේ එකම දේ. මේ කපේට මේක කරපු අය හෙලිවෙන්නේ නෑ.. ඒ වගේම පුතාණෝ ජනපති වෙන්නෙත් නෑ...
ඔය පත්කරන කොමිෂන් වලින් නම් වැඩක් වෙන එකක් නැහැ උන් ඔක්කොම යාලුවෝ ?
මේ හාදයාට කිසිම පැහැදිලි, තමන්ගේම කියා අදහස් නැහැ. මාලිමාව රටට යමක් ඉදිරිපත් කළද ඊට පස්සේ මිනිහත් ඒ ගැන කියනවා. පිස්සු ඩබල් වෙනවා. දැන් ඔය විවාදයේදී මිනිහා රටට ඉදිරිපත් කරන අදහස් මිනිහා ජනාධිපති වුණොත් (ඒක සිහිනයක්ම පමණයි! මේ රටේ බත් කන ගොන්නු දැන් නැහැ) අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනෑ, නැතිනම් නඩු දානවා.
සජිත් ඕකට වගකිය යුතු වෙනවා. මොකද එදා එයා කැබිනට් මිනිස්ටර් කෙනෙක්... ජනතාව ආරක්ෂා කරගන්න ජනාධිපති මෙන්ම කැබිනට් මණ්ඩලයද බැඳී සිටියි.
ඇයි මේ බල පෙරේතයින් දැන් පාස්කු ප්‍රහාරය ඡන්ද ගුණ්ඩුවක් කරගෙන දඟලන්නේ? ඇත්ත තමයි මේ පුරුදු පරදි කරන බොරුවක්, ඡන්ද දඩයමක්. ලංකාව පුරා තිබුණු දේව මෙහෙයවල් ප්‍රමාණවත්, සොබා දහමෙන් දඬුවම් ලැබෙන්න. තේරෙන්නේ නැහැ මෙයට 225 ගාවාගන්නේ දැන් ඇයි කියලා. දෙවියන් වහන්සේ ගැන විශ්වාසයක් තබා ගන්න. වයිරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම, ශාන්ත සිත් දූෂිත වෙනවා. ඒකයි ඇත්ත...
යකෝ ලන්කාවේ උන අනිත් ප්‍රහාර ගන කතා කරපල්ලකෝ. පාස්කු පාස්කු මේක මොන මගුලක්ද?