
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(24) නිකුත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හා අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යන මහත්තුරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම වාරණයෝග ලබන මස අටවෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.
පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.
විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කළේය.
පසුගිය 21 වැනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධූරයන් තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ එම ධුරයන් තෝරා පත් කර ගැනීමට රැස්කළ විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත් පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ශාරති දුෂ්මන්ත මිත්‍රපාල, සභාපති නිමල් සිරිපාල ද සිල්වා,වැඩ බලන සභාපති ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ මහතා, තිලංග සුමතිපාල මහතා විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝග නිකුත් කෙරිණි. විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිස විනිසුරුවරයා ලබන අටවැනි දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජේදාසට අල්ලපු අත්තයි, පයගහපු අත්තයි දෙකම නැතිවෙනවා. පොළොන්නරුවේ පොළඟා ලණුවක් නෙමෙයි, කඹයක් තමයි මෙයාට ගිල්ලවලා තියෙන්නේ...!
ශ්‍රීලනිපය දැන් වැඩ කරන්නේ වාරණ නියෝගය මත පමණයි. විජේදාස පත්වූ අවස්ථාවේ මෛත්‍රී ඇතුළු පිරිස පැවැත්වූ ජයඝෝෂා සහ විජේදාස ජයග්‍රාහී විලාශයෙන් අසුන්ගත් සැටිත් මට හොඳටම මතකයි. නරි නාටක...
පක්ෂ මූලස්ථානය අලුත් කඩේ උසාවි සංකීර්ණය ළඟට ගෙනගියා නම් වැඩේ පහසුවෙයි. එතකොට එක කණ්ඩායමක් රැස්වෙන කොට අනිත් කණ්ඩායමට දුවලා ගිහිල්ලා වාරන නියෝගයක් ගන්න පුළුවන් වෙයි. මොවුන් තමන්ගේ බල තන්හාව වෙනුවෙන් රටේ අධිකරණ පද්ධතියත් අවභාවිතා කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ...!
සාමාජිකයෙක් නොවන බවත්, සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බව නීති විශාරදයින් දන්නේම නැද්ද?
මේ වගේ අයද මේ රටේ නායකත්වය අරගෙන මහජනයාට කෙළවන්නේ... මොවුන් ඔක්කොටෝම දඬුවම් දෙන්න ඕනේ චීනයේ ක්‍රමයට.
මේ මනුස්සයා නමට හරි අධිකරණ ඇමැති නේද?
රටේ වෙනත් නඩුවලට ඉඩක් ලැබෙන්නේම නෑ වගේ...!
විනිසුරුවො ටික කාර්‍යාලයේ පදිංචි කරානම් ඉවරයිනෙ.
අධිකරණ තීන්දු හා නියෝග ඉදිරිපත් වන සාක්ෂි මත ලබා දෙන සාධාරණ විනිශ්චයක්. ඒත් මේ වාරණ නියෝග වලින් පැමිණිලකරුවො දිනන්නෙවත් විත්තිකරුවො පරදින්නෙවත් නැහැ. අවසාන වශයෙන් පැරදිල විනාශ වෙන්නෙ මේ කාගෙ කාගෙත් ශ්‍රී ලං නි ප බව මේ දෙගොල්ලොම තේරුම් ගන්නවනම් හොඳා. ඌරන් කැකුන තලන විට හබන් කුකුළන්ට නම් රජ මඟුල්ලු.