(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්වරුන්ට එම ධූරවල කටයුතු කිරීම වළක්වාලමින් වාරණ නියෝග දෙකක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(24) නිකුත් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික හා අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක හා මහින්ද අමරවීර යන මහත්තුරුන් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව නිකුත් කළ මෙම වාරණයෝග ලබන මස අටවෙනි දින දක්වා ක්‍රියාත්මක වේ.
පැමිණිලිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුවන් එම ධූරයන් වලට පත්වීම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවය.
විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙක් නොවන බවත් සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බවත් සඳහන් කළේය.
පසුගිය 21 වැනි දින පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමේදී මෙම ධූරයන් තෝරාපත් කරගෙන ඇති බවත්,එසේ එම ධුරයන් තෝරා පත් කර ගැනීමට රැස්කළ විධායක සභාවද නීති විරෝධීව පවත්වා ඇති බවත් පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ශාරති දුෂ්මන්ත මිත්‍රපාල, සභාපති නිමල් සිරිපාල ද සිල්වා,වැඩ බලන සභාපති ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ මහතා, තිලංග සුමතිපාල මහතා විත්තිකරුවන් කරමින් පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝග නිකුත් කෙරිණි. විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිස විනිසුරුවරයා ලබන අටවැනි දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග කළේය.
පළාත් පාලන මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් වීමෙන් දින 21ක් ඇතුළත සිය වියදම් වාර්තා දිස්ත්‍රික් තේරීම් බැහැර නිලධාරීවරුන්ට භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන
ගලේවෙල මකුළුගස්වැව ප්‍රදේශයේ පියෙකු සහ පුතෙකු අතර ඇති වූ ගැටුමකින් පුතා විසින් එල්ල කළ යකඩ පොලු පහරකින් පියා මියගොස් ඇතැයි මකුළුගස්වැව පොලිසිය කියය
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි 4 - 6 දක්වා වියට්නාමයේ කළ සංචාරය පිළිබඳව රාජ්‍යයන් දෙක විසින් කරුණු 28කින් යුක්තව ඒකාබද්ධ නිවේදනයක් නි
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය
කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
sudda Wednesday, 24 April 2024 02:37 PM
විජේදාසට අල්ලපු අත්තයි, පයගහපු අත්තයි දෙකම නැතිවෙනවා. පොළොන්නරුවේ පොළඟා ලණුවක් නෙමෙයි, කඹයක් තමයි මෙයාට ගිල්ලවලා තියෙන්නේ...!
NimalWednesday, 24 April 2024 08:06 PM
උගත්කම, අදි නීතීඥ තනතුරු, ජනාධිපති නීතීඥ, ඇමැතිකම් මේ සියල්ල තන්හාවට යටත් වෙලා. එදා සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරනවා. සිංහලයන්ගේ ඡන්දවලට, federal දෙන්නම් කියනවා ද්‍රවිඩ ඡන්ද වලට මේ අයත් මේ සූදානම් වන්නේ එම ප්‍රතිපත්ති ඒ ආකාරයටම ඉදිරියට ගෙනයන්න. බලයට තනතුරුවලට පොරකනවා. පාවාදීම් ඉහළින්ම සිදුවෙනවා.. මේ දේශපාලකයින්ම තව ටික දිනකින් කියාවි දේශපාලනයේ සතුරන් සහ මිතුරන් නැමති බව... සඟ, වෙද, ගොවි, ගුරු, කම්කරු තවදුරටත් රැවටිය නොහැකි බව ඉදිරි ජාතික මැතිවරණයේදී තේරුම් යාවි...!
Nimal Wednesday, 24 April 2024 02:42 PM
ශ්‍රීලනිපය දැන් වැඩ කරන්නේ වාරණ නියෝගය මත පමණයි. විජේදාස පත්වූ අවස්ථාවේ මෛත්‍රී ඇතුළු පිරිස පැවැත්වූ ජයඝෝෂා සහ විජේදාස ජයග්‍රාහී විලාශයෙන් අසුන්ගත් සැටිත් මට හොඳටම මතකයි. නරි නාටක...
අරවින්ද මොනරවිල Wednesday, 24 April 2024 02:56 PM
පක්ෂ මූලස්ථානය අලුත් කඩේ උසාවි සංකීර්ණය ළඟට ගෙනගියා නම් වැඩේ පහසුවෙයි. එතකොට එක කණ්ඩායමක් රැස්වෙන කොට අනිත් කණ්ඩායමට දුවලා ගිහිල්ලා වාරන නියෝගයක් ගන්න පුළුවන් වෙයි. මොවුන් තමන්ගේ බල තන්හාව වෙනුවෙන් රටේ අධිකරණ පද්ධතියත් අවභාවිතා කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ...!
Kamal Koyrala Wednesday, 24 April 2024 02:56 PM
සාමාජිකයෙක් නොවන බවත්, සාමාජිකයෙකු නොවන වෙනත් පක්ෂයක සාමාජිකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලතලයක් දැරීම ව්‍යස්ථානුකූලව නීති විරෝධී බව නීති විශාරදයින් දන්නේම නැද්ද?
beau Wednesday, 24 April 2024 04:59 PM
මේ වගේ අයද මේ රටේ නායකත්වය අරගෙන මහජනයාට කෙළවන්නේ... මොවුන් ඔක්කොටෝම දඬුවම් දෙන්න ඕනේ චීනයේ ක්‍රමයට.
sam Wednesday, 24 April 2024 06:01 PM
මේ මනුස්සයා නමට හරි අධිකරණ ඇමැති නේද?
වර්ණසින්හ Wednesday, 24 April 2024 06:02 PM
රටේ වෙනත් නඩුවලට ඉඩක් ලැබෙන්නේම නෑ වගේ...!
Shashika519 Wednesday, 24 April 2024 08:33 PM
විනිසුරුවො ටික කාර්‍යාලයේ පදිංචි කරානම් ඉවරයිනෙ.
Deepal Nirosh Wednesday, 24 April 2024 10:03 PM
අධිකරණ තීන්දු හා නියෝග ඉදිරිපත් වන සාක්ෂි මත ලබා දෙන සාධාරණ විනිශ්චයක්. ඒත් මේ වාරණ නියෝග වලින් පැමිණිලකරුවො දිනන්නෙවත් විත්තිකරුවො පරදින්නෙවත් නැහැ. අවසාන වශයෙන් පැරදිල විනාශ වෙන්නෙ මේ කාගෙ කාගෙත් ශ්‍රී ලං නි ප බව මේ දෙගොල්ලොම තේරුම් ගන්නවනම් හොඳා. ඌරන් කැකුන තලන විට හබන් කුකුළන්ට නම් රජ මඟුල්ලු.