බී.ජී. චතුරංග, යොහාන් භාසුර, රේඛා තරංගනී ෆොන්සේකා සහ උපාලි ආනන්ද
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බංගලාවේ, නවාතැන් ගෙන සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
අනුරාධපුර, අනගාරික ධර්මපාල මාවතේ පිහිටි නැගෙනහිර නුවරගම් පලාත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආසන්නයේ පිහිටා ඇති දුම්රිය සංචාරක බංගලාවක් තුළ, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු දුම්රිය ඉංජිනේරුවරුන් පිරිසක් නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය කියයි.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතව තිබූ ගල්ගමුව දුම්රිය ස්ථානයේ , තලාව දුම්රිය ස්ථානයේ , අනුරාධපුර දුම්රිය ස්ථානයේ, මිහින්තලා දුම්රිය මාර්ගයේ සිදු කෙරෙන නවීකරණ කටයුතු නිරීක්ෂණය ඇතුළු විශේෂ වැඩ සටහන් මාලාවක් සඳහා සහභාගී වීමට පැමිණ, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු ඉංජිනේරු පිරිසක් මෙම සංචාරක බංගලාව තුළ නවාතැන් ගෙන සිටි බව පොලිසිය පවසයි.
--------------------------------------
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
අනුරාධපුරයේ පැවති රාජකාරී කටයුත්තකට සහභාගි වී සිටියදී දුම්රිය නිවාඩු නිකේතනයේදී ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවත් ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේදැයි සොයා බැලීමට ආගමන විග
අහුන්ගල්ල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පෙදෙරේරුවා මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලිසිය පවසයි.
නන්දලාල් - ජුලී චන්ග් අතර හමුවක් (විමුක්ති එස් රුද්‍රිගු) මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇමෙරිකානු තානාපති කාර්යාලයේදී මුණගැසී මෙරට ද්
මව ඔසවා ගෙන හා රෝද පුටුවෙන් එකොලොස් වසරක් පාසලට පැමිණි සිසුවකුට අ. පො ස. සාමාන්‍ය පෙළ විභාගයේ දී සිදුවූ අසාධාරණයක් පිළිබඳව සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස
විශ්වවිද්‍යාල විධායක නිලධාරීන් සහ අනධ්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය නවවැනි දිනටත් අද (10) දිනයේ ද ක්‍රියාත්මක කළ අතර අනධ්‍යන සේවකයන් වැඩවර්ජනය තව දුරටත් දැඩ
තම නම භාවිත කරමින් පාතාල නායකයන්ගෙන් මුදල් ලබා ගන්නා පොලිස් පරීක්ෂක සමන් ශ්‍රී පද්මලාල් නැමැත්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පති දේශබ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
ලුම්බිණි Tuesday, 23 April 2024 03:18 PM
ඇමැති එනවා කිව්වම ලෙඩවල් බල ඉන්න බැහැනේ. මැරෙන්න හරි යන්න වෙනවා.