
( කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මෙම වන අලින් තිදෙනා දඹුල්ල නගරයට පැමිණ අතරමංව නිවාස ආසන්නයේ හා වෙළදසැල් අවට සැරිසරන අයුරු ප්‍රදේශවාසීන් දැක තිබේ.
සිගිරිය වනජීවී නිලධාරීන් දඹුල්ල පොලීසිය ප්‍රදේශයේ හා නගරයේ ආරක්ෂාව වෙනුවෙන් රැකවල් යොදා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය මත වන අලි රැදී සිටි ස්ථානයේ සිට කිරලව මාරකෑල්ල රක්ෂිත ප්‍රදේශයට පලවා හැරීමට පියවර ගත්හ.
මේ සඳහා පැය 24 ක කාලයක් ගතවූ බව දඹුල්ල පොලිසිය කියයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලින්ගේ කරදර ඇඟට දැනෙන්නට නම් මේ වගෙ අලි දෙතුන් දෙනෙක් කොළඹටම පනින්න ඕන