IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්

(අංජුල මහික වීරරත්න)

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ  විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම, වලංගු රැකියා ඇනවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත ලැබී ඇත.

මෙසේ කාර්යාංශය වෙත ලද පැමිණිලි අතුරින් පැමිණිලි 495ක් සඳහා විසඳුම් මෙම කාල සීමාව තුළදී ලබාදී ඇති අතර පැමිණිලිකරුවන්ට රුපියල් 53,509,520.00ක මුදලක් යළි අයකරදීමටද විමර්ශන නිලධාරීන් සමත්වී තිබේ. තවත් පැමිණිලි 680ට අධික ප්‍රමාණයක් සඳහා වංචාකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමටද කාර්යාංශය පියවර ගෙන තිබේ.

මෙම කාලයේ  විදේශ රැකියා වංචාවන් සම්බන්ධයෙන් සැකකරුවන් 28 දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇණවුමක් ලබා නොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් කළ ආයතන 8ක් ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර ඇත.

 



අදහස් (0)

මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අද වහින පළාත්
2024 මැයි මස 05 18 0

බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බ


සාපෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ
2024 මැයි මස 05 54 0

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කළ බව විභාග දෙපාර්තේම්න්තුව පවසයි.


හෙට ඇරඹෙන සාමාන්‍ය පෙළට සියල්ල සූදානම්
2024 මැයි මස 05 47 0

අ.පො.ස.සාමාන්‍ය පෙළ 2023(2024)විභාගය හෙට( 6) සිට 15 දා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527 කදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.


අදත් අධික රස්නෙ දවසක්
2024 මැයි මස 05 134 0

උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘‘වැඩි අවදානය යොමු කළ ය


මරුවා සමග සංගීතය බලන්න ගිය දරුවා
2024 මැයි මස 05 456 0

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පලතුරු කපන පිහියකින් පහරදී 17 හැවිරිදි බාල වයස්කරුවකු ඝාතනය කර ඇති බව පානදුර උතුර ප


බළන්ගොඩ හදිසි මරණවලින් සියයට 70ක් හෘදයා බාධ
2024 මැයි මස 04 1314 0

බලන්ගොඩ ප්‍රදේශයේ ඉකුත් මාස තුනක කාලය තුළ සිදු කළ හදිසි මරණ පරික්ෂණ වලදිි වයස අවුරුදු 30 -50 අතර මරණවලින් සියයට හැත්තැවක පමණ ප්‍රමාණයක් හෘදයාබාධ හේතුවෙන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 484 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1931 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1701 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site