(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ කතාව හරියන අයට තොප්පිය දාගන්න පුළුවන් බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙන අතරවාරයේ ඇති වූ වෙනත් කතා බහකට පිළිතුරු දෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්න ඉතිහාසයට අනුව නම් 1989 න් පස්සේ ශ්‍රිලනිප ලෙස අත ලකුණ යටතේ කිසිම මැතිවරණයකට තරග කරලා නැහැ, ඒ නිසා දේශපාලන වශයෙන් ගත්තම ශ්‍රිලනිප හො අත ලකුණක් කියලා දෙයක් ලංකාවේ නැහැ. ඔය මරා ගන්නේ ශ්‍රිලනිප රැක ගන්න හො නගා සිටුවන්න නොවේ, ඒ නමට තියෙන චන්ද මල්ල හිමිකර ගෙන ඒකෙන් තව කා එක්ක හරි ඩීල් එකක් දාලා ඊලග මැතිවරණයේදී ඒ හරහා තමන්ට හැකි තරම් දොල පිදේනි හා වරදාන ලබාගන්න උත්සාහ කිරීමයි.