IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමලේ තේ වතුයායේදි (24) දා පස්වරු 05.00 ට පමණ සොයා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.

අතුරුදන්ව සිට මෙලෙස සොයාගනු ලැබුවේ, හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේ පදිංචි, (33) හැවිරිදි දිනේෂ් හේමන්ත නමැති තරුණයෙකි.

මරේ තේවතුයායට අයත්, රාජමාලයේ කොටසේ දර කැඩීමට ගිය වතුකම්කරුවන් පිරිසක් විසින් මෙම තරුණයා තේවතුයායට ආසන්නයේ වැටි සිටින අයුරු දැක නල්ලතන්නිය පොලිසියට දන්වා ඇත.

නල්ලතන්නිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වහා රාජමලේ තේවත්තට ගොස් මෙම තරුණයා කැටුවගොස් ප්‍රතිකාර සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇත.

ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් අරංචි මාර්ග පවසයි.

මෙම තරුණයා තවත් කාන්වතාවන් දෙදෙනෙක් සමඟ නල්ලතන්නිය- ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට ගොස් ඇත. ඉකුත් (19) වෙනිදා සිට මොහු අතුරුදන්ව ඇති බව පවසමින් ඔහු සමග පැමිණි කාන්තාවන්, රත්නපුර මාර්ගයේ සිරිපාගම පොලිසියට පැමිණිලි කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංගම බසයේ රෝදය ගැලවේ
2024 මැයි මස 06 26 0

හෝමාගම ලංගම ඩිපෝවට අයත් සිසු සැරිය බස් රථයක් ධාවනය වෙමින් තිබියදී නුගේගොඩ හයිල්ලෙවල් මාර්ගයේ ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී එහි රෝදයක් ගැලවී මාර්ගය දිග


හොරණ වෙඩි ප්‍රහාරයේ ගිනි අවියත් සොයා ගනී
2024 මැයි මස 06 126 0

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩිතැබීම සැලසුම් කල ප්‍රධාන සැකකරු සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසීනයක් සහ මිමි 7.62 x39 වර්


රණවිරු සැමරුම් කොඩිය ජනපතිට
2024 මැයි මස 06 76 0

රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැළඳවීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


අ‘පුර විරෝධතාකරුවන්ට ඇප
2024 මැයි මස 06 110 1

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළැයි සැකපිට අත්අඩංගු


බ්‍රිතාන්‍යයේ ඉන්දු පැසිපික් අධ්‍යක්ෂ අනුර හමුවෙයි
2024 මැයි මස 06 176 0

බ්‍රිතාන්‍යයේ විදේශ, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිපික් කලාපීය අධ්‍යක්ෂ බෙන් මෙලර් මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිස


පාතාලයකුගේ ගෝලයෝ ව්‍යාපාරිකයකුගේ නිවෙස උඩින් වීඩියෝ කරලා
2024 මැයි මස 06 261 1

සංවිධානාත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත කඩුවෙල කොරතොට ගල් වරුසාව පාරේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසක් ඩ්‍රෝන කැමරාවක් මගින් වීඩියෝ කර ඇති බවට පැමිණිල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 510 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1972 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1730 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site