(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප්‍රහාරයේ සාපය දැන් වැදී තිබෙන බව කී මන්ත්‍රීවරයා රට බංකොලොත් වී ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට තනතුරු දාලා යන්න වූ බව සඳහන් කළේය.
මේවා දිට්ඨ ධර්ම වේදනීය කර්ම බව පැවසූ කිරිඇල්ල මහතා මෙලොව උසාවියෙන් බේරුණාට පරලොව උසාවියෙන් දඬුවම් ලැබෙන බවද වැරදිකරුවන් ඊට සූදානම් වෙන්නැයි ද සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයත් පාර්ලිමේන්තුවේ නේද ඒකාලේ? ප්‍රහාරය ගැන දැන ගෙන හිටියා නේද ? ඒ බව බුද්ධි අංශ විසින් ඔයාල දැනුවත් කරා කියලා කියන්නේ. නිකම් බයිලා ගහන්නේ නැතුව යනවා.
මේක වුණේ සජිත් ඇමැතිකමක් දරපු රජයක් යටතේ කියන එක අමතක කරන්න එපා.