IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට

(අංජුල මහික වීරරත්න)

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-1-9 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි රජය කියයි.

ඒ අනුව අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර ආයතන පහක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර තිහක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ



අදහස් (8)

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට

Hafeel Friday, 26 April 2024 01:58 PM

රනිල්ගේ වී ගබඩාවට දැන් මාර්කට් එකක් ඇවිල්ලා වගේ...

:       20       50

ජගත් ලියනගේ Friday, 26 April 2024 04:10 PM

ඔය විදිහට අපිවත් කාට හරි විකුණලාද දන්නේ නැහැ...

:       17       35

චන්දිම Saturday, 27 April 2024 12:33 AM

දැන් ඕකත් අර වරාය වගේ විකුණලා ඒ සල්ලි ටිකත් ඡන්දෙට ගුල්ලෝ ගහපු හාල් කිලෝව 300 ගානේ කවුද මෝල් කාරයෙක්ගෙන් අරගෙන අත යට ගානකුත් කපාගෙන මිනිස්සුන්ට බෙදලා දාලා අන්තිමට ඔය ණයත් ඉපදෙන්න ඉන්න දරුවන්ට ගෙවන්න සෙට්කරලා අන්තිමට ගුවන් තොටුපොලත් නැහැ. එතැන තිබුණු ඉඩ කඩන ටිකත් නැහැ කොටින්ම මොන මළදානයක් වත් නැහැ කියලා දත නියවන්න සිද්ද වුණා. අනේ ඇත්තටම ඔය ගමන්ම රාජපක්ෂලවත් මිටිය පිටින්ම පොට්ටනියක් ගහලා කාට හරි කොහාට හරි කීයකට හරි විකුණලා දාගන්න පුළුවන්ද? මේ රටට නම් කරපු තරමක් කලේ විනාසේම තමයි.

:       0       3

Chandima Saturday, 27 April 2024 04:33 AM

අම්මපා .... මේ නම් එළාරගේ පුනරුත්පත්තියක්ම තමයි.

:       1       2

Perera Saturday, 27 April 2024 04:49 AM

රුසියන් සමාගමට උදයංගගේ රාජපක්ෂගේ එහෙම සම්බන්ධයක් තියෙනවාද?

:       0       3

Lalla Saturday, 27 April 2024 09:36 AM

මහින්ද රාජපක්ෂ පවුලට කඩේගිය හැම පනතටම අත උස්සපු සිරිපාල කොහොමද මත්තල විකුණන්න කැබිනෙට්ටුවට යෝජනා කළේ...? මොනතරම් නීචද?

:       0       4

fairoos Saturday, 27 April 2024 11:17 AM

ඇමැතිතුමාටත් වාසියක් ඇති නේද ?

:       0       4

Dharmatileke Saturday, 27 April 2024 11:32 AM

ඉස්සෙල්ලම කල යුත්තේ නම වෙනස් කිරීමයි

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site