
(අංජුල මහික වීරරත්න)
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි පහසුකම් භාවිත කිරීම සඳහා උනන්දුවක් දක්වන පාර්ශවයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම සඳහා 2023-1-9 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇතැයි රජය කියයි.
ඒ අනුව අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවා ඇති අතර ආයතන පහක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත.
අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt)Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ එහි බද්ධ ව්‍යවසායකයක් වෙත වසර තිහක කාල සීමාවක් සඳහා පැවරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ වී ගබඩාවට දැන් මාර්කට් එකක් ඇවිල්ලා වගේ...
ඔය විදිහට අපිවත් කාට හරි විකුණලාද දන්නේ නැහැ...
දැන් ඕකත් අර වරාය වගේ විකුණලා ඒ සල්ලි ටිකත් ඡන්දෙට ගුල්ලෝ ගහපු හාල් කිලෝව 300 ගානේ කවුද මෝල් කාරයෙක්ගෙන් අරගෙන අත යට ගානකුත් කපාගෙන මිනිස්සුන්ට බෙදලා දාලා අන්තිමට ඔය ණයත් ඉපදෙන්න ඉන්න දරුවන්ට ගෙවන්න සෙට්කරලා අන්තිමට ගුවන් තොටුපොලත් නැහැ. එතැන තිබුණු ඉඩ කඩන ටිකත් නැහැ කොටින්ම මොන මළදානයක් වත් නැහැ කියලා දත නියවන්න සිද්ද වුණා. අනේ ඇත්තටම ඔය ගමන්ම රාජපක්ෂලවත් මිටිය පිටින්ම පොට්ටනියක් ගහලා කාට හරි කොහාට හරි කීයකට හරි විකුණලා දාගන්න පුළුවන්ද? මේ රටට නම් කරපු තරමක් කලේ විනාසේම තමයි.
අම්මපා .... මේ නම් එළාරගේ පුනරුත්පත්තියක්ම තමයි.
රුසියන් සමාගමට උදයංගගේ රාජපක්ෂගේ එහෙම සම්බන්ධයක් තියෙනවාද?
මහින්ද රාජපක්ෂ පවුලට කඩේගිය හැම පනතටම අත උස්සපු සිරිපාල කොහොමද මත්තල විකුණන්න කැබිනෙට්ටුවට යෝජනා කළේ...? මොනතරම් නීචද?
ඇමැතිතුමාටත් වාසියක් ඇති නේද ?
ඉස්සෙල්ලම කල යුත්තේ නම වෙනස් කිරීමයි