IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට

(ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර)

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි කිලිනොච්චි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ ඇහැටුවව , ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි සැරයන්වරයෙකු වන අතර ඔහු මුරුකන්ඩියේ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇත. 

සෙබලුන් පිරිසක් රැගෙන මාන්කුලම් සිට කිලිනොච්චි බලා ධාවනය වෙමින් තිබියදී කැබ් රථයට පිටුපසින් ධාවනය වූ ලොරි රථය එකවරම කැබ් රථය ගැටීමෙන් කැබිනට් රථයේ පිටුපස ගමන් ගත් සැරයන්වරයා මාර්ගයෙන් ඉවතට විසි වී විරුද්ධ දෙසින් පැමිණිලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.

සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා කිලිනොච්චි රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.

මෙම අනතුරින් තවත් සෙබළුන් නව දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.

කිලිනොච්චි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(ඡායාරූප: ප්‍රදීප් කුමාර)



අදහස් (0)

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 113 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 1381 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි
2024 මැයි මස 07 502 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ ක


මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්
2024 මැයි මස 07 728 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (


වෙල්ගමට මැතිසබෙන් මාස තුනක නිවාඩුවක්
2024 මැයි මස 07 1702 0

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කළේය.


මෙරට නිල සංචිත ඩොලර් බිලියන පහ පනියි
2024 මැයි මස 07 1153 1

ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (07) පැවැත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 543 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1993 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1763 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site