
(යොහාන් භාසුර)
රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජිකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරයෙක්ගේ හිතවතකුගේ නම් පාවිච්චි කරමින් සංවිධානාත්මක පිරිසක් කටයුතු කරන බවට ව්‍යාපාරිකයෝ චෝදනා කරති.
ප්‍රධාන වශයෙන් පුද්ගලයන් තිදෙනෙක් පාතාලයේ නම් පාවිච්චි කරමින් මෙම නීති විරෝධී ක්‍රියාවේ නිරත වන බවත් ඒ හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයන් රේගු ටෙන්ඩර් සඳහා ඉදිරිපත්වීමට බියකින් පසුවන බවත් ව්‍යාපාරිකයෝ කියති.
රේගුව රාජසන්ත කළ අඩි 20 බැගින් වන කන්ටේනර් 15 ක ඇති රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න වටිනාකමින් යුත් ටයිල් 58,024 හෙට (26) පෙරවරුවේ ටෙන්ඩර් පිරිනැමීමට නියමිතව ඇති බවත් එම ටෙන්ඩරයට මිල ගණන් ඉදිරිපත් කර ඇති ඇතැම් ව්‍යාපාරිකයන් ද බියගැන්වීමට එම සංවිධානාත්මක පිරිස කටයුතු කර ඇති බවත් ඔවුහූ කියති.
එම ටයිල් ටෙන්ඩරය විවෘත කර පිරිනැමීම රේගු මූලස්ථානයේ මධ්‍යම අපරණ අංශයේදී හෙට පෙරවරු 10.00 පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකාගේ ගානේ බැද්දගානේ සංජීව පටන් ගත්තු සෙල්ලම...
ටිරාන් අලස් මහත්තයෝ මේ ගැනත් සොයා බලන්න.