IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පොදු ජන පෙරමුණේ  රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී අද (26)පැවසීය.

ගිණුම් හිමියන්ගේ කිසිම දැනුවත්භාවයකින් තොරව මුදල් වෙන ගිණුම් වලට මාරු කිරීම මෙම  ජාවාරම හරහා සිදු කෙරෙන බව කී වලේබොඩ මහතා තම ගිණුමෙන්  මුදල් ඇදීම සම්බන්ධයෙන් අඩු ගණනේ කෙටි පඩිවිඩයක්වත් නොලැබෙන අයුරින් මේ වංචාව  සිදුවන බව සඳහන් කළේය.

බලන්ගොඩ ස්වාමීන් වහන්සේ නමකගේ ගිණුමකින් ලක්ෂ එකොළහක්  වෙනත් ගිණුමකට මාරු කිරීම පිළිබඳව පෙරේදා 25 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුව  බැංකුවට ගොස් පරීක්ෂා කරන විට ඔන්ලයින්  ගනුදෙනු පුහුණු කරන ආයතනයක් විසින් පුහුණු කරන ලද ගෝල බාලයන් පිරිසක් දිවයිනේ විවිධ තැන්වල සිටිමින් මේ කටයුත්ත කරන බවට තොරතුරු හෙළි වී තිබෙන්නේ යැයිද  ගාමිණී වලේබොඩ මහතා සඳහන් කළේය.

එක් දිනයකදී ගිණුම් පනහකට හැටකට පමණ මෙලෙස මුදල් මාරු කර විශාල වංචාවක් සිදුවෙමින් තිබෙන බවද දවස් දෙක තුනක් ඇතුළතදී දහසකගේ පමණ ගිණුම් වලින් මුදල් ඇද වංචා කර තිබෙන බවට වාර්තා වන්නේ යැයිද මන්ත්‍රීවරයා කීය.

මෙම වංචාව සම්බන්ධයෙන්  මහා බැංකුවට මෙන්ම විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි ගාමිණී වලේබොඩ මහතා  පොලිසි වලට මෙන්ම මූල්‍ය බුද්ධි අංශවලට මේ ගැන ක්‍රියාත්මක වන්නට ධාරිතාවක් නැති බව පැවසීය.



අදහස් (2)

ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්

sudda Friday, 26 April 2024 02:09 PM

රත්නපුරේ මිනිස්සුන්ව ගොනාට අන්දවලා පාර්ලිමේන්තු අවාට මොකද කරපු කෙන්ගෙඩියක් නැහැ. සිල්ලර දේශපාලනය තමයි කරන්නේ. කූරගල පන්සල අල්ලාගෙන ගොඩයන්න බැලුවා. ඊළඟ ඡන්දෙදී ගෙදර යන්න වෙන බව දන්නා නිසා මොනවා හරි බේගල් ටිකක් දෙසාබාල බලනවා... ජනප්‍රිය වෙන්න..

:       18       11

සෙනෙවිරත්න Saturday, 27 April 2024 02:43 PM

සුද්දා, ඒ මිනිහාගේ හරි වැරැදි පස්සේ බලමු. දන්නා තරමට මෙයා හොරෙක් නෙවෙයි. දැන් හොරු සමග නැහැනේ. ඒ අයට රත්නපුරේට මොනවා කරන්නද? මේ හොර කල්ලිය ගිණුම් වලින් සල්ලි ආදීනව නම් ප්‍රවේශම් වෙන්න තමුන්ගේ සල්ලිත් හොරකම් කරාවි, නැත්නම් හොරු සමගද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 761 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 674 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1080 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 2966 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි
2024 මැයි මස 07 903 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ ක


මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්
2024 මැයි මස 07 1135 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1996 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1772 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site