සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකාය ගෝනහේන කදවුරේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් නිලධාරියා ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව මෙහෙයුම් අංශයේ රාජකාරී කරමින් සිට පොලිස් කොස්තාපල්වරයකු බව එම උසස් නිලධාරියා කීය.
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන පුද්ගලයකු පිලිබදව කුරැණෑගල පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට ලද තොරතුරක් මත පෙරේදා (24) වරකාවැහැර ප්‍ර දේශයේ අවුරුදු 30 ක පුද්ගලයක අත්අඩංගුවට ගෙන සිදුකළ ජංගම දුරකතන පරීක්ෂාවේදී ගෝනහේන කදවුරේ නිලධාරියා විසින් සැකකරුට ඇමතුම් වාර 40 ක් පමණ ලබාගෙන ඇති බව එම නිලධාරියා තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිවූවකු බවත් පොලිසිය පවසයි.
විශේෂ කාර්ය බළකාය අණදෙණ නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි විශේෂ කාර්ය බළකාය කුරුණෑගල කදවුරේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන කුරුණෑගල රිදියගම පොලිසිය බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd