
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු වූ අසල්වාසියකු ඇයගේ සිරුරට ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලද කාන්තාව රෝහල් ගත කරනු ලැබ සිටි
සැකකරු නිවෙස තුළට රැගෙන ආ මන්නා පිහියක් සහ පැට්‍රල් අඩක් තිබෙන බෝතලයක් ද සිය බාරයට ගෙන ඇතැයි පොලිසිය කියයි.
සිද්ධියෙන් බරපතළ පිළිස්සීම් තුවාල ලබා ඇත්තේ 63 හැවිරිදි විවාහක කාන්තාවක බව ද පොලිසිය කියයි.
පිළිස්සුම් තුවාල ලද කාන්තාවගේ නිවෙස ආසන්නයේම පදිංචි සැකකරු ඔහුට අයත් නිවෙස සහ ඉඩම කලක සිට විකිණීම සඳහා උත්සහ දරා ඇති අතර මුල් දිනවල එය රුපියල් ලක්ෂ 60 ක මුදලකට විකුණන බව ප්‍රචාරය කර ඇතත් එම අවස්ථාවේදී ගැනුම්කරුවකු ඉදිරිපත් වී නැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුකාලීනව ඔහු ප්‍රදේශයේ දියුණුවත් සමගම නිවෙස සහ ඉඩම රුපියල් ලක්ෂ 80 කට විකුණන බව පවසා විවිධ පාර්ශව අතර ප්‍රචාරය කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගැනුම්කරුවකු ඉදිරිපත් වී ඒ වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 3 ක අත්තිකාරම් මුදලක් ද මීට දින කීපයකට ඉහතදී ලබා දී ඇතැයි පොලිසිය කියයි.
මෙම ගැනුම්කරුට පිළිස්සුම් තුවාල ලද කාන්තාව එම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බව පැවැසීමෙන් අනතුරුව ගැනුම්කරු ඉඩම් හිමියා (සැකකරු) හමුවී පිළිසුම් තුවාල ලද කාන්තාව මෙම ඉඩම ලක්ෂ හැටකට විකිණීමට තිබූ ඉඩමක් බවට පැවැසූ බව පවසා තිබූ බව පොලිසිය කියයි.
අනතුරුව ගැනුම්කරු ඔහුට එම මුදලට ඉඩම අනවශ්‍ය බව පවසා ලබා දුන් අත්තිකාරම් මුදල් නැවත ඉල්ලා ඇතැයිද එම අවස්ථාවේදී ඉඩම් හිමි සැකකරු තමන්ට එම මුදල වියදම් වූ බවත් ඉඩම විකිණීමෙන් පසු මුදල් නැවත ලබාදිය හැකි බවත් එම පුද්ගලයා සමග පවසා තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් දැඩි කෝපයට පත් ඉඩම් හිමිකරු ඊයේ (24) සවස මන්නා පිහියක් සහ පැට්‍රල් පිරවූ බෝතලයක් රැගෙන තාප්පයෙන් පැන කාන්තාවගේ නිවෙසට ඇතුළු වී ඇයගේ සිරුරට පැට්‍රල් විසිකර ගිනි තබා පලා ගොස් සිටි බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ ගෑණුත් ඔන නැති වැඩමයි කරන්නේ
දැන් ඉතින් සල්ලි වෙනුවට ගැනපන් කරූ
මේ ගැහැණි කරපු නොපනත් වැඩේට මගෙනුත් නම් සමාවක් නැහැ. අර මිනිහාගේ බිස්නස් එකට මේ ගැහැණි මොකටද හොම්බ දැම්මේ?
අනුන්ගේ දේවල් වලට අනවශ්‍ය ලෙස මැදිහත් වුණාම පෙනවනේ වෙන දේවල් ගැනුන්ටත් ඔනේ නැති ... තක් නැ.
ගෑනු හැමෝම ඔහොමයි. අනුන්ගේ සමගිය විනාශ කරනවා එහෙම නැත්තම් අනුන්ට ලැබෙන්න තියෙන ලාභයක් නැති කරනවා. නැත්තම් අනුන් රවට්ටනවා.
ගෑනු උතුම් කියන අස්වාභාවික දර්ශනය කාන්තාවාදිනියෝ තමයි පැතිරුවේ. ඒත් මොලේ තියෙන මිනිස්සු ඇත්ත දන්නවා.
කතගේ දුෂ්ට ඊර්ෂ්‍යාව,ඕනෑම ප්‍රශ්නයක මුලටම ගියොත් ගෑණියෙක් ඇත. අහල පහල වැඩිපුරම සාමය නැති කරන්නේම ගැහැණු
දැඩි දඬුවම් දිය යුතුයි.