(කේ බුද්ධික කුමාරසිරි)

කැළණි ගගේ අවිස්සාවේල්ල කිරිවන්දල උතුර ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 50 ක පමණ පිරිමි පුද්ගලයකු වන බවත් මෙතෙක් හදුනාගෙන නොමැති බවත් පොලිසිය පවසයි. දේහය අවිස්සාවේල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.