(සුජිත් හේවාජුලිගේ)
අලුත විවාහ වන පෙම්වතුන් විවිධ හේතු මත වසර දෙක තුනකින් දික්කසාදවීම ( වෙන්වීම) වැඩිවන ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්( සිවිල් ලියාපදිංචි කිරීම්) නීතිඥ ලක්ෂිකා ගනේපොළ මහත්මිය පැවසුවාය.
ආර්ථික හේතු මෙන්ම වෙනත් සමාජීය හේතුද මීට මුල්වී ඇතැයි ඇය සඳහන් කළාය. මේ අතර රටේ වාර්ෂික මරණ සංඛ්‍යාවද සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි ගනේපොළ මහත්මිය ප්‍රකාශ කළාය.
සාමාන්‍යයෙන් රටේ වාර්ෂික මරණ සංඛ්‍යාව 2000 වර්ෂය වනවිට 140000 මට්ටමක පැවති නමුත් එම සංඛ්‍යාව මේ වනවිට 180000 ක් දක්වා ඉහළ ගොස් ඇති බව
පවසන නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය රටේ දරු උපත් සංඛ්‍යාවද අඩුවී ඇතැයි පෙන්වා දුන්නාය.
සාමාන්‍යයෙන් 2020 වර්ෂය වනවිට රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාව වූයේ 325000 ක් පමණය. එම සංඛ්‍යාව මේ වනවිට 280000 ක් දක්වා පහළ ගොස් ඇති බව ඇය සඳහන් කළාය.
ආර්ථික ගැටලු හේතුවෙන් නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම, මානසික ප්‍රශ්න වැඩිවීමත් සමග විවිධ රෝගාබාධවලට ගොදුරුවීම යනාදී හේතුද මරණ වැඩිවීමට බලපාන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් රේට් එක විතරක් කෙලින් කරන්න බලා ඉන්න පාලකයින්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? ඒකෙත් තියෙන බොරුව තව මාස 7 - 8 කින් එළියට එනවා. එතකොට තියෙන්නේ වෙන රජයක්... මේක තනිකරම දේශපාලන පළිගැනීමක්. අන්තිමේ සියලු වන්දි ගෙවීම් ජනතාව කරමතට එනවා. ලංකාව හැම අතින්ම නාය යනවා, පාලකයින් චක්ගුඩු ගහනවා. ජොලියේ ඉන්නවා.
මාලිමාවට බලය දුන්නොත් මේ ප්‍රශ්න විසඳයිද? දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න....
රනිල්ට කතිරේ ගහන්න ඉන්න මෝඩයින් මේක බලපල්ලා ආර්ථික ගැටලු හේතුවෙන් නිසි වේලාවට ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවීම, මානසික ප්‍රශ්න වැඩිවීමත් සමග විවිධ රෝගාබාධවලට ගොදුරුවීම යනාදී හේතුද මරණ වැඩිවීමට බලපාන්නට ඇතැයි සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති...
ඔය ගණන් මිණුම් දියවන්නාවට ගැලපෙන්නෙ නෑනේ. තාම මෑතකදී එහෙම වුණේ 3න් දෙනයි නේද?