(යොහාන් භාසුර)
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ට ගෙවන පොලී ප්‍රතිශතය සියයට 9 සිට සියයට 13 දක්වා ඉහළ දමන බවත් එම පොලිය ඉහළ දැමීම 2023 වසරේ සිට බලපැවැත්වෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා පැවසීය.
යටියන්තොට ප්‍රදේශයේ පැවැති උත්සවයකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියලාපිටිය මහතා එසේ පැවසීය.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභීන්ගේ පොලිය සියයට 9 ක් දක්වා අඩු කළ බවත් සේවක අර්ථසාධක අරමුදල 2023 වසරේ ඉහළ ලාභාංශයක් ලැබීම හේතුවෙන් එසේ පොලී ප්‍රතිශතය ඉහළ දැමූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එම අරමුදල නිසි ආකාරයට ආයොජනයේ යෙදවීමෙන් 2023 වසරේ ලාභාංශ ඉහළ ගොස් ඇති බවත් එම අරමුදලේ සාමාජිකයන් ලක්‍ෂ 27 කට මෙයින් ප්‍රතිලාභ හිමිවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොලා හිතන් ඉන්නේ EPF පොලිය වැඩි කළාම අපි ඡන්දේ දෙයි කියලාද? ඒ ගොනා වික්කා...
තව මොනවා මොනවා හරි අපෙන් උදුරාගෙන ඡන්දෙ ළඟ නිසා සහනාධාරයක් දෙයි. මුන් හිතන්නේ මේ පාර අපි රැවටෙයි කියලා
ඡන්දෙට බරටම වැඩ වගේ. තුන්වේල කන්න නැතිවෙන්න බදු ගහලා ඊපීඑෆ් වැඩිකලාම හරිද?
හොඳයි නේ. 30% භාණ්ඩාගාර බිල්පත් අරන් අපිට 13% දුන්නම
ජනතාවනේ අහුවෙන්න එපා.මේක චන්ද ගුන්ඩුවක්.චන්දෙ ගන්න ඕනිම බොරුවක් කියන දේශපාලුවෝ ඉන්න එකම රට
ජෙප්පන්ට මොනම දෙයක්වත් කරගන්න බෑ. විවේචන පමණයි. රනිල්ට ජය..!
කමල්, ජෙප්පන්ට විතරක් නෙවෙයි ඔය අරමුදලෙ දායකත්වය, සහ රජයෙ අමන වැඩ නිසා අසාධාරණකම් උනේ, ජෙප්පො කෑගහල ගන්න ඒව හැමෝටම. මෙතන රජයට බැනපු සේරම ජෙප්පො නම් මම හරිිම කැමතියි .