(ටී.කේ.ජී.කපිල)
මිනුවන්ගොඩ අධිකරණයෙන් විදෙස් ගත වීම තහනම් කළ ව්‍යාපාරිකයකු, කූඨ ලෙස සකස් කර තායිලන්තය වෙත පළා යාමට කටුනායක පැමිණ සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
මොහු ඉකුත් පෙරේදා දින අලුයම 01.08 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යෑමට නියමිත තායි ගුවන් සේවයේ ටී.ජී.- 308 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණි මෙම ව්‍යාපාරිකයා සිය ගුවන් යානා නිශ්කාශන කටයුතු නිම කර , ගුවන් තොටුපොළ විගමන අංශය වෙත පැමිණ සිටියදී , එහි රාජකාරී කටයුතු වල නිරත වී සිටි ආගමන විගමන නිලධාරීවරයා මොහුගේ ලියකියවිලි පරීක්ෂා කර බලා , ඇති වූ සැකය මත ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ .
එහිදී මෙම ව්‍යාපාරිකයා සහ ඔහු සතු ලියකියවිලි ද සමග ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබූ අතර , එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී මෙම ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවත් , එසේම එහි සටහන් කර ඇති විගමන මුද්‍රා ද ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd