(ලක්මි කුඩලිගම)

වරකාගොාගඩ ප්‍රදේශයේ තිදෙනකු හදිසියේ මිය යාම හේතුවෙන් මේ පුද්ගලයන් තිදෙනා නීති විරෝධී මත්පැන් පානය කර මියගිය බවට ප්‍රදේශවාසීන් සැක පල කරන සිදුවීමක් වරකාගොඩ ප්‍රදේශයෙන් පෙරෙදා (27) වාර්තාවිය.

මෙසේ මියගොස් ඇත්තේ පහළ කරන්නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි (44) හැවිරිදි වැලිවිට ආරච්චිගේ රොෂාන් ඉන්දික පෙරේරා, මුතු කුඩ ආරච්චිගේ පද්මසිරි විජේ ගුණවර්ධන (64) සහ හැව්රිදි හොඳමුණිගේ උපුල් (69) නමැති පුද්ගලයින් තිදෙනෙකු බව පොලිසිය සඳහන් කරයි.