(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන වැඩ තහනමට ලක්වූ පොලිස්කො ස්තාපල්වරයෙකු හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි

යුක්තියේ මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් උතුර  අපරාධ  කොට්ඨාසයේ නිලධාරීන් දිවුලපිටිය උළු කඩේ හන්දියේදී  සැකකරු පොලිස් නිල හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමේදී ඇති වූ සැකයක් මත වැඩිදුරටත් ඔහු පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ විමර්ශන වලදී ඔහු 2022 වසරේ කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව  රාජකාරී වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙක් බව අනාවරණය වී යැයි පොලිසිය කියයි

ගම්පහ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව යොදාගත් රථයක කොටස් වෙනස් කිරීමට සහ සඟවා තබා ගැනීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු බවට මූලික විමර්ශනවලදී මේ වන විට අනාවරණය කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය