(අංජුල මහික වීරරත්න)
ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.
කිසිදු පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්ති තීරණයකට අනුව ඉහත පියවර ගෙන ඇත.
ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ මුහුදු සීමාව භාවිත කිරීමට නොව ඉන්ධන ,ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගොස් නෞකාව සඳහා අදාළ පහසුකම් ලබාදීමට රජය තීරණයකට එළඹ ඇත.
අදාල ඇමරිකා නෞකාව චෙන්නායි වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇති අතර ඔවුන්ද එම අවසරය දී නැතැයි දැනගන්නට තිබේ.
මීට පෙරදීත් චීන පර්යේෂණ නෞකාවක් මෙරටට ඇතුළු වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව රජය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ, හවස හැමෝම තිරිකුණාමලයට එනවා අපිව පුරුදු කරන්න. නැතිව එයාලා පුරුදු වෙන්න නොවේ..
හැමෝටම පුදුම කැක්කුමක් හැදිලා වගේ... ලංකාව අවට මුහුදේ පර්යේෂණ කරන්න.
ඇමරිකා පර්යේෂණ නෞකාව මෙරටට ඇතුළු වීමට අවසර ඉල්ලා ඇත්තේ ඉන්ධන, ජලය පිරිසිදු කිරීම්, ආහාරපාන ආදී පහසුකම් ලබා ගැනීමට බැවින් එම නෞකාව අපවෙත පැමිණ ඔවුන්ගේ ගමන සඳහා අවශ්‍ය කරන්නා වූ අවශ්‍ය කටයුතු සපුරාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ වරදක් නොමැත. ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණීමෙන් පසු ලංකාවේ සිසුන්ටද එය නැරඹීමට සහ සිදුකරන්නාවූ කටයුතු පිළිබඳව අද්දැකීම් ලබාගැනීමට අවස්ථාවක් ඇත.
ඇමරිකාව කිඹුහුමක් ඇරියොත් ලංකාවට නිව්මෝනියාව හැදිලයි නවතින්නේ
චීන නැවට නම් ඉඩ ලැබුණා...
ආණ්ඩුව සහ බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහ GROUP භාවිතා කරමින්ද මෙම ප්‍රචාරය සිදු කරයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න .