(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම විශේෂත්වයකි.
මෙම විවාදය පාර්ලිමේන්තුවේදී දින තුනක් පුරා පැවැත්විණ. විවාදය අවසන් වරට පැවැත්වුණේ අද (26) දිනයේය.
මෙම විවාදයේදී හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වන බවට පාර්ලිමේන්තුවේදී ඊයේ (25) දිනයේ ප්‍රකාශවිය.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු සම්බන්ධයෙන් තමාට තොරතුරක් ලැබුණු බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කළේය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පසුගිය දිනවල රටේ මහත් ආන්දෝලනයක් ඇතිවිය.
හිටපු ජනාධිපතිවරයා මෙම විවාදයේදී ඒ සම්බන්ධයෙන් යම් කරුණු දැක්වීමක් කරනු ඇතැයි බොහෝ අය බලාපොරොත්තුවෙන් සිටියත් එය සිදු වූයේ නැත.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව අද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආවානම් කියන්න වෙන්නේ... ඔව් මම දැනන් හිටියා නොදන්නවා වගේ පැනලා ගියා කියලා තමයි.
මේ හිටන් කාරයා ලෝක බොරු කාරයෙක් බව යළිත් වරක් මුළු රටටම පැහැදිලිවම පෙන්වා තිබෙනවා. පොලිසියට, රටට, පාර්ලිමේන්තුවට බොරු ඇද බාන මේ පොලොන්නරු ලොක්කට තියෙන්නේ පුදුම හැකියාවක්..
සියලුම වරප්‍රසාද අයින් කරලා අත්අඩංගුවට ගෙන මානසික රෝහලකට යවන්න ඕනෑ... මොහු පාස්කු ප්‍රහාරය සෙල්ලමකට අරන් තියෙන්නේ...
මහ බැංකු හොරා ඇලෝසියස් සිංගප්පූරුවෙන් ගෙන්න ගන්න අත්සන් 25000 ක් ගැහුවා කිව්වා කියපු ඔබ ගිනස් පොතට ගිය එකම කෙනා.
පිස්සු අවතාරයක් මහජන මුදලින් නඩත්තු වෙවී තව විකාර කරනවා
මෙහෙම වගකීම් පැහැර හරින උන්ටත් දීමනා /පැන්ෂන් පඩි/ආරක්ෂාව/නිල වාහන/ නිල නිවාස/ අයියෝ රටේ බදු සල්ලි.
දැනටමත් හොඳ පඹ ගාලක පටලෙන්නයි ඉන්නේ.තව කට ඇරියොත් තවත් පැටලෙනවා මිසක් ;ගැලවීමක් නැහැ.රටම වැනසුවා මදිවට දැන් නම් පක්ෂයත් කාබාසිනියා කරලා.රටේ අභාග්‍යට උපන් කාලකන්නි
රටේ ජනාධිපති වෙලා හිටිය මිනිහෙක් වැදගත් විදියට හැසිරෙන්න ඕන නේද.රටට විහිළුවක් උනා අන්තිමට
සදහටම ඉතිහාසයට කළු පැල්ලමක් එක්කළ චරිතයක් නිසා ඉතිහාසයෙන් අතුගා දැමීම වඩාත් සුදුසුයි.
පිස්සන්කොටුවට එවන්න ඕන කෙනෙක්
මෙයා කියනවා "මම දැනගෙන හිටියා" හැබැයි මෙයා කියන්නේ නෑ. තව කෙනෙක් කිව්වා " ප්‍රහාරයක් සිදුවන බව තොරතුරු ලැබුණා. හැබැයි එය මෙතරම් බරපතල ප්‍රහාරයක් වේවි කියා හිතුවේ නෑ. තව කෙනෙක් කිව්වා "තාත්තා දැනගෙන හිටිය ප්‍රහාරයක් සිදුවන බවට මට පල්ලි යන්න එපා කිව්වා" ඉතිං මේ හැම ප්‍රකාශයක්ම සැකසහිත ඒවා. අවසානයේ අහිංසක මිනිසුන්ගේ ජීවිත අහිමිවෙලා මුස්ලිම් ප්‍රජාව පිළිබඳව දැඩි වෛරයක් සමාජය තුළ ඇතිකරලා යම් කණ්ඩායමක් ඔවුන්ගේ ඉලක්කයක් සම්පුර්ණ කළා වගේ කතිකාවක් ගොඩනැගිලා තිබෙන්නේ. නමුත් සත්‍යය කෙසේ හෝ සමාජයට එළිකළ යුතුයි...
අවලන් බල්ල. හෙනම ගහනව යක්ශයට