(අංජුල මහික වීරරත්න)
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්‍ය පරිත්‍යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාරදීම අද (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් උලමා කින්නියා ශාඛාව විසින් රුපියල් 5,300,000ක මුදලක් ද, කල්මුණේ කලාප අධ්‍යාපන කාර්යාලය විසින් 3,128,500ක මුදලක් ද, ස්පෝට්ස් ෆස්ට් ( Sports First) පදනම විසින් රුපියල් 300,000ක මුදලක් ද මෙලෙස ගාසාහි ළමා අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර තිබේ.
අමාත්‍යාංශ සහ රජයේ ආයතන මෙවර ඉෆ්තාර් සැමරුම පැවැත්වීමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් මෙම අරමුදලට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියනයක් පළමු අදියර යටතේ පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතීන්ගේ නිල නියෝජිතායතනය හරහා පලස්තීන රජය වෙත බාර දෙනු ලැබීය.
එසේම ගාසා ළමා අරමුදලට (Children of Gaza Fund) දායක වන ලෙස මෙරට පරිත්‍යාගශීලි ජනතාවගෙන් ජනාධිපති කාර්යාලය සිදු කළ ඉල්ලීම පරිදි විශාල මුදලක් මේ වන විට අරමුදල වෙත ලැබී ඇති අතර එම මුදල් ද ඉදිරියේ දී පලස්තීන රජය වෙත නිල වශයෙන් බාර දීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින බලන්ගොඩ මාරතැන්න දෙතනගල දෙමළ විදුහලේ දරුවෙකු විභාගයට පෙනි සිටිමට පෙර ආශිර්වාද ලබා ගැනිම සදහා කොවිලකට ගිය අවස්ථාවේද
කුලියාපිටිය කබලෑවේ සුසිත් ජයවංශ නැමති 31 හැවිරිදි තරුණයාගේ අතුරුදන්වීමට සැකකෙරෙන සුජිත් ප්‍රනාන්දු නොහොත් සිඟිති නැමති ප්‍රධාන සැකකරු අධිකරණයට බාර
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය එළඹෙන ජූනි මාසයේදී ඇමෙරිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් ක
ආගමන විගමන සේවා පෞද්ගලීකරණය කිරීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ මෙන්ම විදේශිකයන්ගේ දත්ත තුන්වැනි පාර්ශවයකට හෙලි වීමේ අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියු
ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්
තම බිරිඳ ගෙනැවිත් නොදුන්නොත් දරුවන් දෙදෙනා සමග අත් බෝම්බයක් පුපුරවාගෙන සියදිවි නසා ගන්නා බවට පවසමින් හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ නිවස
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
පිටරටවැසියා Friday, 26 April 2024 06:38 PM
දැන් ඔක්කෝටම කිරි එරෙන්නේ අනෙකුත් රටවලට. ලංකාවේ කන්න-බොන්න නැති, පාසලකට යන්න පොත්-ඇඳුම් ගන්න වත්කමක් නැති සිංහල, දෙමළ, මුස්ලිම් ළමයි කොච්චරක් නම් ඉන්නවාද...?
Prabha Friday, 26 April 2024 07:06 PM
සුදුළූණු, සීනි, වැට් බදු සල්ලි වෙන්න ඇති...
Don perea Saturday, 27 April 2024 12:49 AM
රටේ අය බඩගින්නේ? මෙහෙමත් වස්සෝ ඉන්න රටක්...!
saman Sunday, 28 April 2024 10:32 AM
හොඳ වැඩක්...!