(යොහාන් භාසුර)

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව විරෝධ දක්වමින් කොළඹ, ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක් අද (26) පස්වරු පැවැත්වීය.

‘කොතළාවල වෙද උපාධි කළුකඩ ජාවාරම නවතමු, රාජ්‍ය විශ්වවිද්‍යාල ගැටලු වාහා විසදනු සහ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වාහා හකුලාගනු’ ආදි පාඨ සටහන් කළ විරෝධතා පුවරු අතැතිව වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ එහිදී විරෝධය දැක්වූහ.

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දක්වා බලධාරීන් වෙත දැඩි විරෝධය දැක්වීම ද එහිද කැපී පෙනුණි.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)