(මනෝප්‍රිය ගුණසේකර)
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාටට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔහුගේ නීතීඥවරුන්ට අද (26) දැනුම් දුන්නේය.
අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා වෙනුවෙන් ජනාධිපති නීනීඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීම් සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එසේ දැනුම් දුන්නේය.
පොලිස් විශේෂ කාර්‍ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී ජනාධිපති නීනීඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.
හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැන යෑමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වු රවිදු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කර ඇති විනිසුරුවරයා නඩුවේ තුන්වන විත්තිකාර හිටපු පොලිස් නිලධාරියකු බව කියන දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් කට වචනෙටද වැඩ කලේ.
අන්න හොඳ තීන්දුවක්.. ඊට පස්සේ උසාවියට ඉදිරිපත් කරලා ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් පලකළ හැකිවේවි...!
අතුරුදන් උන එක්කෙනා තාම හොයනවද ?දෙයියෝ සාක්කි
ඇතුලේ අවුරුදු 15,20 පසුකරපු සමහරු හිතන දෙයක් තමයි කඩල කරත්තයක් වෙලඳාමක් කරගෙන හිටියා නම් නිදහස සල්ලි වඩා මිල කළ නොහැකියි බව තේරුම් ගැනීම...!