(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
ඉරානයේ ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කෘෂිකර්ම අමාත්‍යවරයා සහභාගී වන අතර ඉරාන කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතව තිබේ.
ඉරානයේ පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට සහභාගී නොවීමට කලින් තීරණය කර තිබුණත් ඉරාන ජනාධිපතිවරයා මෙරටදී තමාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාල ප්‍රදර්ශනයට සහභාගී වීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඉරානයේ දී එරට කෘෂිකර්ම අමාත්‍ය Mohammad Ali Nikbakht මහතා හමුවී කරන සාකච්ඡාවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව සම්බන්ධව සාකච්ඡා කිරීමට අදහස් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද අප්පච්චියේ නොයන්ඩ කලින් තීරණය කරලා තිබුනේ, ඉරාන ඇමැති තුමා එන්න කියයි කියල හීනෙන්වත් පෙනුනද. එතකොට හොද නිදහසට කාරණයක් තියෙන වනෙ රටට කියන්න. මොකද නැතිනම් ඔයාල රට සවාරි අප්පිරිය වෙන අයයැ. කමක් නැහැ හොදට විනෝද වෙලා එන්න. අපි වියදම් බලා ගන්නවනෙ.
පුදුම හදිසියක්නේ. එන්න කියපු ගමන්ම ගියා. රට ගැන හිතලා වැඩ කරන්න වෙන්ඩැති ...
ඉරාන කෙල්ලො ලස්සනයි කියල කියන්න ඇති....
ඒ රටවල් වල කෘෂිකර්මය භාර ඇමති වරයා කිව්වොත් අදාළ විෂය ගැන A - Z දන්නා මිනිස්සු. අපේ මේ අයියලා ගිහින් නිකම් ඔහේ ඔලුව වන වන යෙර්ස් යේස් කියා කියා ඉඳීවි. ඔක්කොම ඇදගෙන යන්න ඉතින් නිලධාරීන්ට බාර දීලා මොනවා හරි ගිවිසුම් වලට අත්සන් කරන කොට අතට අත දීලා පින්තුර ගහලා මෙහෙ මාධ්‍ය වලට එවාවි.
අපෝ තියන හදිස්සිය .එතකොට ඇමරිකාව තරහා වෙන්නේ නැද්ද ?