(නිමල කොඩිතුවක්කු)
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමේ ලේකම් චතුර ගල්හේන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කරනු ලැබීය.
පක්ෂ දෙකේ ආර්ථික කමිටු සහ පක්ෂ නායකයන් අතර පැවැත්වෙන විවාදයන් සම්බන්ධීකරණය සහ අනිකුත් විධිවිධාන සැලැස්වීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඔහු එමගින් ඉල්ලීමක් කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා කලින්ම කිව්වා නේද සහයෝගය දෙනවා කියලා... මෙයා මොනවද මේ දැන් කියන්නේ...!
තීන්දු තීරණ ගන්නේ කැබිනට් මණ්ඩලේ නායක ජනාධිපති නම් මොකටද ආර්ථික කමිටු විවාදේ...? උසනම් සිකුරිටි, මිටිනම් කම්කරු තීරණය ජනාධිපති අතේ...
විවාදෙට බයවෙලා ඇති. සමගි ජන බලවේගයේ උදවියගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ .