
(ආරියරත්න රණබාහු)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙනෙකු ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය
එහිදී සොයා බලන කරුණු අතර හිටපු සභාපතිවරයා විසින් අත්තනෝමතික ලෙස දී ඇති ආසන සංවිධායක ධුර ද වේ
අදාළ කමිටුවට අමාත්‍ය මහින්ද අමරවීර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න සමග වීර කුමාර දිසානායක සහ ෆයිසර් මුස්තාපා යන මන්ත්‍රීවරු ඇතුළත් වේ
එම කමිටුවේ සභාපති ධුරය තමන් විසින් දරන බවද දුමින්ද දිසානායක මහතා පැවසීය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය මෙම තීරණය ගත් බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ලියාගන්න මහින්ද රාජපක්ෂ නම, මොකද මුලින්ම ඇඩ්‍රස් නැති වුණේ එයාටනේ... අන්තිමටම ලියාගන්න මෛත්‍රිපාල සිරිසේන නම, මොකද එයා හින්දා එයාටම ඇඩ්‍රස් නැති වුණා..
ඕගොල්ලෝ ඔක්කොම හින්දා මේ රටේ සියළුම ජනතාව වසර 76ක් තිස්සේ අගතියට පත්වුණා. ඒ ගැන සොයන්න කමිටුවක් දාන්නේ කවදාද?
දන මන වසග කරවන අර හැඩ මෙන්ම වසග කරවන සුලු සුරූපී දේහ විලාසිනිය ගෙවල් කුලිය අරගත්ත හැටිත් සොයන්නෙ නැතේ??
ඒ කාලයේ හිටපු කෘෂිකර්ම ඇමැතිවරයා වාර්ෂිකව ඉතාමත් ඉහළ මිලකට අමාත්‍යාංශයට බොරැල්ලේ ගොඩනැගිල්ලක් බදු අරගෙන ජනතා මුදල් කාබාසිනියා කිරීම සම්බන්ධයෙන් මොනවත් කරන්න අදහසක් නැතෙයි... හැම කෙනාම ආණ්ඩුව ගත්තොත් අරකට කොමිසමයි, මේකට කොමිසමයි කියලා කියනවා... එහෙම කළාම පසුගිය කාලයේ කරපු වංචා, දූෂණ ගැන බලනවා මිස වෙනත් කිසිම වැඩක් කරන්න කාලයක් නැති තරමට රටේ හොරකම්, වංචා, දූෂණ සිදුවුණා.. ඒවා සොයන්න වෙනමම අමාත්‍යාංශයක් හා අධිකරණ සෑම පළාතකම පිහිටුවන්න වෙනවා. එහෙම නැතුව ඒ ප්‍රශ්නය විසඳීමට කෙසේවත් බැහැ. නුඹලාට ඒවා සොයනවා හැර රට ගොඩනැගීමට කිසිම සැලසුමක් නැහැ වගේ නේද? නිකම් බොරු සෝබන එපා උන්නැහේ...!