(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය.
පාස්කු සිද්ධිය ගැන දින එකොළහක් විවාද පැවැත්තුවා. මේ ප්‍රශ්නයට සියලු දෙනාට උත්තරයක් අවශ්‍ය නම් මේක දේශපාලනයට හරවගන්න එපා. අපි සියලු දෙනා එකතු වෙලා මේක බලන්න ඕන. පොලිසියත් ඒ අයගේ නීතිඥවරුන් එකතුවෙලා මේක බලන්න කියල මම කියනවා. පොලිසියේ අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. මේ සියලු දේ බලලා ඔක්කොම එකතුවෙලා මේක අවසන් කරමු. නැත්නම් මේ විවාද දිගටම තියේවි.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා. ඔහු මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් පිළිබඳව කිසිවක් කියල නෑ. දැන් ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තක් පවතිනවා. ඒ නිසා මම ඒ ගැන වැඩි දුරටත් කතා කරන්න යන්නේ නැහැ.
බුද්ධි අංශයේ සුරේෂ් සලේ සහරාන් හසීම් සමග සබඳතා පවත්වා ඇතැයි කිසිදු වාර්තාවකින් තොරතුරු හෙළිදරව්වීමක් සිදුවී නැහැ.
මේ පරීක්ෂණ අවසන් කරන්න අපිටත් අවශ්‍යයි. ඒ නිසා සියලු දෙනා මේකට උදව් කරන්න කියලා අපි ඉල්ලනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිරාන් අලස් එල්.ටී.ටී.ඊ. එකත් එක්ක කිසිදු ගණුදෙණුවක් කරලා නැතිනම් අපි ඔය කියන දේ පිළිගන්නවා.
මේ අපරාදේ වුණ කාලේ ජනාධිපති ආරක්ෂක ඇමැති මේ කරන සෙල්ලම නවත්වන්න මෙයා අත්අඩංගුවට නොගන්නේ ඇයි? නීතිය එක හා සමාන විය යුතුයි.
කෝ අලුත් කලා අදහස...!
මෙයා පාර්ලිමේන්තුවේදී කිව්වා නේද සිරිසේන කියලා තියෙන දේ අතර ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන අයෙක් තමයි සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔය පොහොට්ටු පක්ෂේ හැමදේම ඉහළින් ඉඳන් සංවිධානය කරපු එවැනි පුද්ගලයෙක් වත් ඉන්නවාද දන්නේ නැහැ ඔය කියන සුදුසුකම සපුරන... ඒ වගේම එක පාරම නම් කරලා අත්අඩංගුවට ගන්න දැම්මම බැහැ වගේ බලධාරීන්ට හිතෙන...