(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය
ඔහු මෙසේ පැවසුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.
ටිරාන් අලස් මහතා මෙසේද පැවසීය.
පාස්කු සිද්ධිය ගැන දින එකොළහක් විවාද පැවැත්තුවා. මේ ප්‍රශ්නයට සියලු දෙනාට උත්තරයක් අවශ්‍ය නම් මේක දේශපාලනයට හරවගන්න එපා. අපි සියලු දෙනා එකතු වෙලා මේක බලන්න ඕන. පොලිසියත් ඒ අයගේ නීතිඥවරුන් එකතුවෙලා මේක බලන්න කියල මම කියනවා. පොලිසියේ අතපසුවීම් සිද්ධ වෙලා තියෙනවා. මේ සියලු දේ බලලා ඔක්කොම එකතුවෙලා මේක අවසන් කරමු. නැත්නම් මේ විවාද දිගටම තියේවි.
හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යමක් කියන්න තියෙනවා. ඔහු මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් පිළිබඳව කිසිවක් කියල නෑ. දැන් ඒ සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණයේ නඩු කටයුත්තක් පවතිනවා. ඒ නිසා මම ඒ ගැන වැඩි දුරටත් කතා කරන්න යන්නේ නැහැ.
බුද්ධි අංශයේ සුරේෂ් සලේ සහරාන් හසීම් සමග සබඳතා පවත්වා ඇතැයි කිසිදු වාර්තාවකින් තොරතුරු හෙළිදරව්වීමක් සිදුවී නැහැ.
මේ පරීක්ෂණ අවසන් කරන්න අපිටත් අවශ්‍යයි. ඒ නිසා සියලු දෙනා මේකට උදව් කරන්න කියලා අපි ඉල්ලනවා.
අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්
ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.
රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු
ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්
මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
Prabha Friday, 26 April 2024 06:59 PM
ටිරාන් අලස් එල්.ටී.ටී.ඊ. එකත් එක්ක කිසිදු ගණුදෙණුවක් කරලා නැතිනම් අපි ඔය කියන දේ පිළිගන්නවා.
Wasantha jayasingha Friday, 26 April 2024 08:00 PM
මේ අපරාදේ වුණ කාලේ ජනාධිපති ආරක්ෂක ඇමැති මේ කරන සෙල්ලම නවත්වන්න මෙයා අත්අඩංගුවට නොගන්නේ ඇයි? නීතිය එක හා සමාන විය යුතුයි.
Wasantha jayasingha Friday, 26 April 2024 08:50 PM
කෝ අලුත් කලා අදහස...!
චන්දිම Saturday, 27 April 2024 10:45 AM
මෙයා පාර්ලිමේන්තුවේදී කිව්වා නේද සිරිසේන කියලා තියෙන දේ අතර ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන අයෙක් තමයි සඳහන් කරලා තියෙන්නේ කියලා. ඔය පොහොට්ටු පක්ෂේ හැමදේම ඉහළින් ඉඳන් සංවිධානය කරපු එවැනි පුද්ගලයෙක් වත් ඉන්නවාද දන්නේ නැහැ ඔය කියන සුදුසුකම සපුරන... ඒ වගේම එක පාරම නම් කරලා අත්අඩංගුවට ගන්න දැම්මම බැහැ වගේ බලධාරීන්ට හිතෙන...