(කේ බුද්ධික කුමාරසිරි)

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15ක් හෑස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දාහතරක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් එකට ආසන්න ප්‍රමාණයක් හමු වූ බවද පොලිසිය පවසයි.

මීට පෙර අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනකුගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.