රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු
ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ චෝදනාව යටතේ රුපියල් කෝටි 158 ක දඩ මුදලක් පනවා ඉන් කෝටි හැත්තෑ නමයකට වැඩි මුදලක් ඇතැම් රේගු නිලධාරීන් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.