
(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)
කිලෝවක සහ ගෑම් 400 කිරිපිටි පැකට්ටුවක ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන් තීරණය කර තිබේ.
ඒ අනුව කිරිපිරි කිලෝවක් රුපියල් 600කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ යනු ඇති.
දැනට කිරීපිටි කිලෝවක මිලරුපියල් 1345ක් වන අතර නව මිල 1945 දක්වා ඉහළ දමන බවත් දැනට රුපියල් 540ක් වන ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 ක් දක්වා ඉහළ ගියේය.
ලෝක වෙළඳපොළේ කිරිපිටි මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 3900 සිට ඩොලර් 4900 දක්වා ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම වීම හේතුවෙන් මෙසේ කිරිපිටි මිල ඉහල දැමීමට සිදු වූ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව මදි... මිනිස්සුන්ට කිරිපිටි එපා වෙනකම් තව රුපියල් දාහකින්වත් වැඩි කරන්න.
පුදුම දඬුවමක් මේ පාලකයින් අපිට දෙන්නේ... මොන වැරැද්දක් කරාටද අපි?
මේ අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොව ඩොලරය විසින් කරන ලද්දකි..
ඔය අවස්ථාවාදීන්ට ඕනෑම දේකට හේතුවක් තියෙනවා. තම ඩොලර් වැඩිවුණාට පස්සේ එක කන්ටේනර් එකක්වත් ඔවුන් ගෙනාවේ නැහැ.
අවුලක් නෑ. ඉන්න රටක් තියෙනවනේ....
කලු කඩ කාරයින්ට හා මැති ඇමතියාගේ කල්ල මරේ... අපි හිඟාකනවා...
මේකෙන් ජනතාවට ලොකු බලපෑමක් ඇති වෙතැයි සිතන්න අමාරුයි, කොහොමත් ලෝක වෙළෙඳපොළේ මිල ඉහළ ගිහිල්ලා තියෙන්නෙ නමුත් පසුගිය කාලයේදී රජය ජනතාවගේ පඩි කීප වතාවක් වැඩිකරා
කිරි නොබී ප්ලේන්ටියක් බීල හිටපල්ලකො. මැරෙන්නේ නෑ. ඇඟටත් ගුණයි. රටටත් හොඳයි.
මොනදේ වැඩි වුණත් රටේ ජාතිය බේරගත්ත නායකයාට තමයි අපි හැමදාම ඡන්දෙ දෙන්නේ, මේ අමාරු කාලේ ඉවසීමෙන් කටයුතු කරමු.
අර ඒ දවස්වල "දැන් සැපද" කියලා කවුද ලොක්කෙක් ඇහුවා නේද දැන් කෝ එයා
ජීවත් වෙලා ඉන්න කාලෙදි සැපවත් ජීවිතයක් ගත කරන්න නැත්නම් මොකටද අප්පා මේ වගෙ රටක ජීවත් වෙලා.ඒ අතින් ලාංකිකයන් පුදුම කාලකණ්ණි ජාතියක්. ජනාතාව දුක් විදිනව.මැති ඇමතිවරු රේස් පදිනව.රට සවාරි යනව.තව තව එවුන් මාලදිවයිනේ ගිහින් ආතල් ගන්නව.ලංකාවෙ මිනිස්සු පෝලින් වල මැරිල වැටෙනව.
දැන් සැපද??
ඩොලර් 4900ට අදාළ විදියට ගණන් බැලුවම මේ තරම් මිල ඉහළ දැමීමක් කරන්න අවශ්‍ය ද ලංකාව ඇතුළෙ? එක පැකැට්ටුවකින් අසාමාන්‍ය ලාබයක් තියෙනවනෙ