
(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟය හේතුවෙන් විදේශ තානාපති කාර්යාල දෙකක් සහ කොන්සල් ජනරාල් කාර්යාලයක් වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව, ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි කොන්සල් කාර්යාලය ලබන 31 වැනිදා සිට වසා දැමීමට විදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ .
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළ ඩොලර් අර්බුදය සැලකිල්ලට ගනිමින් විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.
මේ අනුව, ඉරාකය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වාගෙන යාම ඩුබායි හි පිහිටි කොන්සල් ජනරාල් කාර්යාලයටත්, නෝර්වේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර කොන්සල් ජනරාල් කාර්යාටත්,සිඩ්නි නුවර කොන්සල් ජනරාල් කාර්යාලයේ කටයුතු ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පිහිටි ශ්‍රී ලංකා මහ මහකොමසාරිස් කාර්යාල යටත් , පැවරෙනු ඇත.
ශ්‍රී ලංකාව විදේශ දූත මණ්ඩල 63 ක් පවත්වාගෙන යන අතර ,මෙම කාර්යාල තුන වසා දැමීමත් සමග එම සංඛ්‍යාව 60 දක්වා අඩු වනු ඇත . ඩොලර් අර්බුදය හේතුවෙන් එම ලංකා දූත මණ්ඩල කාර්යාල 60 ද පවත්වාගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි, මේවායේ ඉන්නේ දේශපාලකයන් ගෙ නෑයෝ. අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි වලින් නඩත්තුවෙන මෙලො වැඩක් නැති සුදූ අලි
ඔය ඔක්කොම වහල දාන්න.
ජනාධිපතිට අවුරුදු දෙකක් අහිමි වුනාලු. ඉතුරු අවුරුදු තුන හොඳටම කරනවලු. දැන් යන විදියට ඉතුරු අවුරුදු තුන බලයේ ඉන්න ඔනද කියල ජන මතයක් තිබ්බ නම් හොඳයි.
ඔවයෙ ඉන්න තම තමන්ගෙ ඥාතීීනට මොකද කරන්නෙ ඇමති තුමා? මෙහෙන් ජෝබ් හොයල දෙමුද?
අනේ පුලුවන්නම් මේ ඉතාලියෙ තියන කාර්‍යාලයත් වසා දමන්න. රටටත් වැඩක් නැහැ මෙහෙ ඉන්න අපිටත් වැඩක් නැහැ . පාන්දර 3ටයන්න ඕනෙ පෝලිමට නො 60යි දෙන්නෙ. සමහර මිනිස්සු කිමි.800-900දුර ගෙවාගෙන එන්නෙ නිවාඩු දමාගෙන ඒත් වැඩක් නැහැ . සුලු පිරිසක් නිලදාටින් සමග ඩීල් දමාගෙන මුදලට හැම වැඩක්ම කරන්නෙ.
එන එන ආණ්ඩුවෙලට හෙත්තුවෙලා රස්සා ලබාගෙන අතිරික්ත සේවකයන් පිරුණු එහෙත් වැඩ බැරි වූවන් පිරි ලාංකිකයන්ට රැවුම් ගෙරවුම් දාන රටට සේවය අවම වශයෙන් සලසන සෝබන වැඩි අමාත්‍යයාංශයකට වූ දේ කණගාටු දායකය.
මේවානම් තිබුණා නැතා කියලා මහවැඩක් වෙන්නේ නැහැ. ඩොලර් උපයනවට වඩා ඩොලර් කන එකයි වෙන්නේ මේ කියන විදිහට...