IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පසුපෙළ මන්ත්‍රීවරු අතර යළි මත ගැටුම්

( අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තුළ යළිත් වරක් මත ගැටුමක් හට ගෙන ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මන්ත්‍රී කණ්ඩායම තුළ යම් බෙදීමක්  මීට පෙරද ඇති වී තිබූ නමුත්  අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ  ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ  මැදිහත්වීම මත එය  සමථයකට පත් වී තිබිණි .

එසේ වුවද ,රට තුළ මතුව ඇති වූ   ආර්ථික අර්බුදය හමුවේ මන්ත්‍රීවරුන්  කිහිප දෙනකු එළිපිට මත  ප්‍රකාශ නිකුත් කිරීමත් සමඟ මෙම මත ගැටුම යළි හටගෙන ඇතැයි එම ආරංචි මාර්ග වලින් පැවසේ . මේ තත්වය තුළ, පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ  බෙදීමක්  ඇති වී තිබෙන බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ .



අදහස් (12)

පසුපෙළ මන්ත්‍රීවරු අතර යළි මත ගැටුම්

nanda Sunday, 27 March 2022 10:48 AM

ජනතාව විඳින දුක දැනෙන මහජන නියෝජිතයින්ට නම් හෘද සාක්ෂිය අනුව කෙළින් හිටගන්න පුළුවන් වෙන්න පුළුවන්...

:       1       56

සන්ක Monday, 28 March 2022 10:32 AM

ආණ්ඩුවට දැන් රට ගෙනියන්න බැහැ. මේ පසුපෙළ, ඉදිරිපෙළ ඉන්නේ ඔක්කොම හොරු... ඉන්දියාවෙන් ගෙනාපු නැනෝ පොහොරවලින් කෝටි ගණන් ගසා කෑව සහ චීන කුණු පොහොරට අනවශ්‍ය වන්දි ගෙව්වා. සුදු ළූණු වංචා, සීනි වංචා. නමුත් කාටත් දඬුවම් නැහැ. මේ බිලියන ගණන් මහජන මුදල් නාස්තියට අපි පව් ගෙවනවා. රට වලපල්ලට...

:       0       16

sachith Sunday, 27 March 2022 11:06 AM

කට්ටියට ප්‍රාඩෝ දොළදුකක් ඇවිත් වගේ...

:       15       48

Soma dubai Sunday, 27 March 2022 12:21 PM

එහෙම ගැටුමක් නැහැ. මෙය විරුද්ධ පක්ෂයේ කුමන්ත්‍රණයක්...

:       70       8

janisSunday, 27 March 2022 01:49 PM

ලැජ්ජා නැද්ද ඔහේට? තවත් කඩේ යන්නේ..., ලංකාව මේ අය විනාශ කරනවා.

:       4       52

චන්දන Sunday, 27 March 2022 01:10 PM

අපරාදෙ කියන්න බෑ. දේශප්‍රේමී අය කීපදෙනෙක් ඉන්නවා...

:       1       31

පැරකුම් Sunday, 27 March 2022 02:06 PM

ඇයි පසුපෙළ විතරද? ඉදිරිපෙළ මැති ඇමැතිවරු අතරේත් බරපතල මතගැටුම් තියනවා නේද?

:       0       26

fairoosSunday, 27 March 2022 03:27 PM

ඉදිරිපෙළට කට්ට ගහලනේ තියෙන්නේ...

:       17       17

sisira Sunday, 27 March 2022 03:11 PM

බලන්න මේ ඇමැති මාමලා අපිට කොච්චර ආදරේද කියලා. ඔවුන් අපි වෙනුවෙන් සටන් කරනවා. අපි ඔවුන්ව නැවත පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. හරිම දුකයි ඔවුන් ගැන. අපි නිසා ඒ අය කොච්චර දුක් විඳිනවද?

:       0       17

sampath Sunday, 27 March 2022 03:12 PM

ගමට එනකල් බලාගෙන ඉන්නවා සලකන්න....!

:       0       22

පුෂ්ප කුමාර Sunday, 27 March 2022 03:33 PM

අර්බුද ඇති වූ විටෙක කණ්ඩායම් අතර ගැටුම් ඇතිවීම සාමාන්‍යයි. මෙතැනදී මේ ගැටුම් හුදෙක් තම තමන්ගේ පැවැත්ම පිළිබඳ ගැටුම්. ඒ වගේම මේ අය අතර පවතින මති මතාන්තරවල වෙනස ඔවුන්වත් හරියට නොදනී. උදාහරණයක් වශයෙන් ඩොලරය පාවීමට ඉඩදීම හෝ සල්ලි අච්චු ගසා ජනතාවට සහනදීම වැනි කාරණා ගැඹුරු අවබෝධයකින් තොරව අල්ලාගෙන පිල් බෙදී ගැටුම් ඇති කර ගැනීම. මෙවැනි අතිශය අමාරු අවස්ථාවක මෙවැනි ගැටුම් රට තවත් අවුල් කරනවා මිස උදව්වක් නොවේ... එබැවින් මේ අය පිළිබඳව මාධ්‍ය වැඩි අවධානයක් දැක්විය යුතු නොවේ. මොවුන් පුළුවන් තරම් ප්‍රශ්නයෙන් ඈත්කොට තැබිය යුතුයි. කබ්‍රාල්ලා, පීරිස්ලා වෙනුවට රජය විසින් මෙරට සහ පිටරට විශ්වාසය ගොඩනැගිය හැකි පිළිගත්, උගත් සහ ප්‍රායෝගිකව විශාල ආයතන මෙහෙයවූ ශ්‍රී ලාංකිකයින් මේ ප්‍රශ්න විසඳීමට සහභාගී කරගත යුතුයි. ඔවුන්ගේ කාර්යභාරය පැහැදිලිව ඔවුන්ට තේරුම් කළ යුතුයි. එමගින් ඔවුන් තමන්ට අදාල නොවන දේවල්වල පැටලීම වළක්වාගත හැක. මේ සියල්ලටම අනුන් මත නොරඳන සෘජු නායකත්වයක් මේ අවස්ථාවේ අත්‍යාවශ්‍යයි.

:       0       42

අප්පුහාමි Sunday, 27 March 2022 03:38 PM

දේශපාලුවන්ට සදාකාලික සතුරෝත්, මිතුරෝත් නැත. මොන ගැටුම් තිබුණත් ඔවුන් ඔක්කොම යාලුවෝ මල්ලී...

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 651 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 317 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1106 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site