
(ඩයනා උදයංගනී)
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරයකු ලෙස තවත් වසර තුනකට වැඩි කාලයක් තනතුරේ සිටිය හැකි නමුත් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී කිසිඳු තැකීමකින් තොරව බලා සිටිය නොහැකි බවත්, තනතුරු, වරප්‍රසාද හා බලයට වඩා හෘද සාක්ෂිය බලවත් බැවින් මෙම පියවර ගන්නා බවත් ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.
නිමල් ලන්සා මහතා ඉකුත් මස 22 වැනිදා ද ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලිපියක් යොමුකරමින් අමාත්‍යාංශයේ පවතින ගැටලු කිහිපයක් දැනුම් දී තිබූ බව ද වාර්තා විය.
පසුගිය කාලයේ මහාමාර්ග අමාත්‍යංශයේ මග නැගුම ඇතුළු ආයතන ගණනාවක සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව ද ලන්සා මහතා එහි සඳහන් කර තිබූ බවත් තමන් හෙළිදරව් කරන ලද කරුණුවලට අදාළ සාක්ෂි ද ඇති බැවින් ඒවා ගැන වහා පරීක්ෂණයක් කරන ලෙසද ඔහු රජයෙන් ඉල්ලීමක් කර තිබූ බවත් සඳහන් විය.
මහාමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ඉවත්කරන ලෙස ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි.
තමන් 22 වැනිදා ලිපියෙහි සඳහන් කළ කරුණු අමාත්‍යාංශය තුළ තවදුරටත් සිදුවෙමින් ඇතැයි ද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි අර ශ්‍රී ලංකා කාරයෝ තවමත් නැට්ටේ එල්ලිච්චි ගමන්... ඡන්දෙ දුන්නු අයට තේරෙනවද මන්දා..?
ලයන් සා කෙනෙක් වීම ගැන අපේ ස්තුතිය...!
මෙන්න තවත් මාධ්‍ය සංදර්ශනයක්...!
මෙයාට රාජ්‍ය නිලධාරින් පේන්නම බැහැනේ. ඉතින් කොහොමද ඇමතියෙක් හැටියට වැඩක් කරන්නේ? නටන්න බැරි එකා පොළොව ඇදයි කියනවා. බැරිදේ පුළුවන්ද? දත්මිටි කෑවාට කියනවා නේද? බැරි කෙනාට බැහැම තමයි...
රටේ ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, කෘෂිකර්මාන්තය පිළිබඳව කොයි ආණ්ඩුවක් ආවත් වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්තියක් සඳහා ඔබ මූලිකත්වය අරගෙන කටයුතු කරන්න. එය රටේ ජනතාවට ලොකු සෙතක් වෙයි.
එදා මම මෙම පිටුවේ අදහස් පල කළා. කතෝලික ප්‍රජාව මේ ආණ්ඩුව ගැන කණස්සල්ලෙන් ඉන්නේ. මෙයා ඊළඟ පාර වෙන නැවකට ගොඩ වෙන්න අදහසෙන් ඉන්න වගේ. මේ මනුස්සයා දන්නවා දැන් ඉන්න නැව ඊළඟ පාර ගිලෙන බව. කොහොමද නාඩගම..?.
අනිත් බයියන්ට කවදා මොලේ පෑදෙයිද දන්නේ නැහැ... සර් ෆේල්...!
ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින මෙම අවස්ථාවේදී ඔබ ඇමති ධුරයෙන් ඉවත් වුණාම ජනතාවට සහනයක් ලැබෙනවද? ඇමැති ධුරයේ සිටිමින් නේද ජනතාවට සහනයක් සලසන්න ඕනේ? කාවද මේ රවට්ටන්නේ?
නැව ගිලෙන කොට මීයෝ එකා දෙන්නා එළියට පනිනවා. ඔබතුමා ඔය ඇමැතිධුරයේ හිටියා කියලත් වැඩක් නැහැනේ. රටට කළ ලොකුම සේවය තමයි අස්වීම...
එතුමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නියැලීම, රජයේ නිලධාරීන්ට හිරිහැර කරන ආකාරයේ ක්‍රියා, රජයේ දේපළ අයථා පරිහරණය වැනි නරක නම් රැසක් ඔහුට තිබෙන බව මට මතකයි. මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් මම ඔහුට දිරිගන්වනවා.
"ඩීසල් නැතුව කොහොමද බෝට්ටු දුවන්නේ? බෝට්ටු දුවන්නේ නැතුව කොහොමද රස්සාව කරගන්නේ..." කියලා කියනවා එහෙම නෙවෙයි ඔන්න...