(යොහාන් භාසුර සහ රංජිත් රාජපක්ෂ)
නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා බීමත්ව රිය පැදවීමේ චෝදනාවට තලවකැලේ පොලිසියේ නිලධාරීන් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා තලවකැලේ පොලිසියේ රඳවා සිටින බවත් හෙට අධිකරණයට ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයාවරයා සාදයකට සහභාගි වී නැවත නිවෙස බලා යමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව කී එම උසස් පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය කාලේ නම් සංගමේ කට්ටියම මෙලහකටත් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවා. මොකද දන්නේ නැහැ තවමත් පරක්කු කියලා...
පොලිස් නිලධාරින්, දේශපාලුවන් ඉදිරියේ දණින් වැටී වෙව්ල වෙව්ලා රාජකාරි කරනු ලබයි. ඇමැතියෙක්, මන්ත්‍රීකෙනෙක් බීලා මත්වී රිය ධාවනය කරනකොට ආචාර කරලා වැඳලා තමයි යවන්නේ රජයේ නිලධාරියෙක් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් වල ඉන්න අහිංසකයින්ට තමයි බලය පෙන්වන්නේ..! පොලිසිය හරියට නීතිය ක්‍රියාත්මක කරනවා නම් මෙරට මේ අපරාධ බහුල වෙනවද..?
මේක හොඳ පුවතක් නෙවෙයි. ඇල්කොහොල් වලට ඇබ්බැහිවූවන්ට උදව් කළ යුතුය. බිම නැවැත්වීමට උදව් කළ යුතුය.
මැති ඇමැතිවරු බීමතින් යකා නටන රටක, ඔවුන්ගේ පුත්තු බීමතින් පාරේ රිය අනතුරු කරලා පලා යන රටක... මේවා මොනවද?
පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්... ඉහළ ඉඳන් පහළටම විනය පිරිහුණු රටක...
වැඩේ ගානට සෙට් කරලා තියෙන බව පොඩි ළමයෙකුටත් පැහැදිලියි. රටේ නීතිය තමන්ගේ තරහ මරහ පිරිමහන්න යොදාගැනීම නම් හෙලාදැකිය යුතුයි.