
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව රුසියාව සම්බාධක පැනවූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.
දහතුන් දෙනාගේ නම් ලැයිස්තුවේ ඉහළින්ම ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සිටින අතර රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්,ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් මාර්ක් මිලී, ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන්, සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් බර්න්ස් සහ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි ද මෙම ලැයිස්තුවට ඇතුළත්ව ඇත.
ලැයිස්තුවේ තවත් පහළට යනවිට හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සහ ජනාධිපති බයිඩන්ගේ පුත් හන්ටර් බයිඩන් ගේ නම්ද දක්නට ලැබේ.
ඉහත ලැයිස්තුවේ නම් ඇතුළත් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට රුසියානු සමුහාණ්ඩුවට ඇතුල් වීම සපුරා තහනම් වන බවත් ඉදිරියට තවත් නම් මෙම ලැයිස්තුවට ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකාව පැනවූ සම්බාධකවලට පිළිතුරු වශයෙන් මෙම සම්බාධක පැනවූ බවත් ක්‍රෙම්ලිනය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන විහිලුවක්ද? තවම යුක්‍රේනයටවත් ගහ ගන්න බැරිව තටමනවා. මේ පිස්සා රුසියාවම විහිලුවක් කරමින් ඉන්නවා. ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයකට පුලුවන්ද ඩොලර් ට්‍රිලියන විසි එකක ආර්ථිකයකට රිද්දන්න. ගොන් පාට්...!!!
අවුරුදු 30ක් පමණ යුද්ධයෙන් බැටකා පීඩා විඳි රටක මිනිසුන් තවත් අධිරාජ්‍යවාදියෙකුගේ මිලේච්ඡ යුද්ධයෙන් පීඩා විඳින රටක් වෙනුවෙන් ඔල්වරසන් දීම මනුෂ්‍යත්වයටද නිගාවකි. අධිරාජ්‍යවාදය යනු ඇමරිකාව ප්‍රමුඛ අනෙකුත් බටහිර රටවල් වෙනත් රාජ්‍යයන් ආක්‍රමණය කීරීම පමණක් නොව රුසියාව, චීනය වැනි රටවල්ද යුදමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් අන් රටවල් අස්ථාවර කර තමන්ට හිතවත් පාලකයින් පත් කිරීමද අයත්වේ.
අනේ පව්. ජෝබයිඩන්ට අතේ සතේ නැතිවෙයි දැන්...