(අංජුල මහික වීරරත්න ,බණ්ඩාරගම බිමල් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට අද (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කළහ.
උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා දැඩි මාර්ග බාධක සහ පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.
ජුබිලි කණුව මංසන්ධිය අසලට අද පස්වරුවේ මුලින් රැස්වූ ජනතාව එහි විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව මිරිහාන පැඟිරිවත්ත ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ ප්‍රවේශ වන මාර්ගය අසලට පැමිණ එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.
උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය.
මෙම උද්ඝෝෂණය නිසා නුගේගොඩ මහරගම 119 මහා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මාර්ගය අසල දැඩි පොලිස් රැකවල් දමා තිබූ අතර සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා නිවසේ නොසිටි බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ නිවෙස අසල විරෝධතාව වැඩිවීමත් සමග ජනතාව විසුරැවා හැරීම සදහා කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ආකාරය දැකගත හැකි විය. ජනතාව කදුලු ගෑස් ප්‍රහාර මැද ජනාධිපතිවරයාගේ නිවෙස දෙසට ගල් මුල් ප්‍රහාරද එල්ල කරනු දැකගත හැකි විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජනපති නිවෙස අසල මහා විරෝධතාවක්
Adam Friday, 01 April 2022 10:26 AM
ගෝඨාභයව යවමු...!