අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි වැඩි ඡන්ද 81කින් සම්මත වෙයි
හාල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන ආරක්ෂක පනත යටතේ නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පිළිබද යෝජනාව වැඩි ඡන්ද 81 කින් පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සම්මත විය.