
අනුරාධපුර ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට අද (04) රාත්‍රියේ විරෝධතා කරුවන් විශාල ප්‍රමාණයක් කඩා වැදී දැඩි විරෝධයක් පෑමත් සමග ප්‍රදේශයේ දැඩි උණුසුම් තත්වයක් ඇති විය.
විරෝධතාකරුවන් විසින් එකවරම ඥානක්කා නැමති කාන්තාවගේ නිවස පිහිටි ගුවන්තොටුපල මාර්ගයේ ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි නිවසට කඩා වැදීමත් සමග ආරක්ෂාවට සිටි පොලිස් නිලදාරීන්ට විරෝධතා කරුවන් පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් එම ස්ථානයට යුද හමුදාව කැඳවීමට පියවර ගෙන තිබුණී.
අනතුරුව පොලීසිය හා යුද හමුදාව එක්ව ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට හා අවට ප්‍රදේශයට මෙන්ම දේවාලයටද දැඩි ආරක්ෂාවක් සපයා තිබූ අතර විරෝධතා කරුවන් විසින් ඥානක්කා නැමති කාන්තාවගේ නිවසට ගල් ප්‍රහාරයන්ද එල්ල කරනු ලැබීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපොයි. රටක් ගොඩගන්න උපදෙස් දුන්න මහා බලසම්පන්න දෙයියෝ පණ බෙර ගන්නා ආකාරය ගැන උපදෙසක් දෙන්නේ නැති හැටියක් ? ලොක්කගෙන් හරි පොලිසියෙන් හරි අහන්න කියනවා. බලන්නකෝ ඒකෙත් හැටි.
යකෝ,,මෙච්චර ආරක්ෂා කරන්න මේ ගෑනිගෙ තියෙන වටිනාකම මොකක්ද.ශුවර් එකට කාගෙ හරි හොද ලොක්කෙක්ගෙ හොර එකක්
සරසවි විනාශ කරන JVP පෙරටු ගාමීනුත් වටලන්න.
අයියෝ අක්කේ! දේව බලයෙන් ඔයාට ඔය විරෝධතා කරුවන් රෙද්දෙ බඩයන්න සලස්සලා පලවා හරින්න තිබුනනෙ.
ඇයි උන්දැ දේවාලයක් අටවා ගෙන මිනිස්සු රවටාගෙන ඉන්නවා නේද එහෙම නම් මේගැන දෙයියො මොකවත් කියලා නැද්ද මට පේන්නෙ දෙයියොත් ජනතාවගේ පැත්ත අරගෙන කියලා නැත්නම් එතැන දෙයියො නැහැ ගෑනි කරන්නෙ බොරුවක් ,එහෙමත් නැත්නම් ජනතා රැල්ලට දෙයියා බයවෙලා ගිහිල්ලා වෙන්න ඇති
ඥානක්කා කියන සාස්තරකාරියගේ උපදෙස් වලට රටපාලනයකරන්න ජනාධිපතිවරයෙක් කුමටද? ඒකතමා මේ රටට මෙතරම් විනාශයක්වෙලා තියෙන්නෙ. දේව විශ්වාසවලින් රටක් දියුණුකරන්න බැහැ. ඥානක්කා නම් මේකෙන් ඇතිතරම් හම්බකරගෙන තිබෙනවා. රටට ගිය කලක් දුකමතමයි.
දැන්වත් මිනිසුනේ තේරුම් ගන්න බොරු සාස්තර කාරයන්ට නොරවටෙහ්න්න. කෝ ඥානක්කගේ බලයෙන් මේවා නවත්ටන්න තිබුනනේ. එයාගේ බලයෙන් මුළු රටක්ම ගෝටාභය ජනාධිපති තුමාට ගෙදර යන්න කියනවා. කොහොමද අක්කගේ බලය. අන්තිමට අක්කගේ ආරක්ෂාවට හමුදාව කැඳවනවා.